Thursday, May 16, 2013

Another Sad News from Mahiyanganaya...

කිඹුලා ඩැහැගෙන ගිය කතගේ අතක් හමුවේ

මහියංගණය උල්හිටිය ඔයේ දිය නාමින් සිටි කාන්තාවක් පසුගිය 12 දා කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබු අතර, එම කාන්තාවගේ සිරුරේ අතක කොටසක්‌ ගිරාඳුරුකෝට්‌ටේ උල්හිටිය ධීවර ගම්මානයේ ධීවරයකුට උල්හිටිය ජලාශය මැද පාවෙමින් තිබියදී ඊයේ (15) හමුවී ඇත.

එම අතෙහි කොටස කිඹුලා විසින් ඩැහැගෙන ගිය කාන්තාවගේ පවුලේ උදවිය විසින් හඳුනාගෙන තිබේ.

කිඹුලන් සිටීම හේතුවෙන් නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නිලධාරීන් ඇගේ සිරුර සෙවීමට පැමිණීම ප්‍රතික්‍ෂේප කර තිබිණ.

එම තත්වය යටතේ, මහියංගණ පොලිසිය හා වනජීවි නිලධාරීන්, ගම්වාසීන් එක්‌ව ඇගේ සිරුර සොයා දින 3 ක්‌ පරීක්‍ෂණ සිදු කළත් සිරුර හමු නොවිය.

පසුගියදා දඹාන 52 කණුව කුඹුරුවෙල්යාය ප්‍රදේශයේදී උල්හිටිය ඔයේ පසුගිය 12 දා සවස දිය නාමින් සිටි කාන්තාවක්‌ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස්‌ තිබිණි. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ ජී. එම්. ලලිතා නම් වයස අවුරුදු 39 ක තිදරු මවකි.
කිඹුලා ඩැහැගෙන ගිය කතගේ අතක් හමුවේ 
Published on Thursday, 16 May 2013 08:05 

No comments: