Tuesday, May 28, 2013

What happened to Mr John Senavirathne

ආදාහනේදී ඇමැති කතා කරද්දී හූ කියති

ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනවිරත්න මහතාගේ කතාවට සිංහල රාවයෙන් යැයි කියා ගත් පිරිසක් හූ කියමින් බාධා කළහ.
ආදාහනය පැවතියේ කහවත්ත පොරෝනුව ක්‍රීඩාංගනයේදීය. දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
ඔබගේ කතාව මෙතනට ඕන නැහැ කියමින් ඔවුහු හූ කියන්නට වූහ.
ඇමැතිවරයා කතාව මදකට නතර කළේය. හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඇමැතිවරයාට කතා කිරීමට ඉඩ දෙන ලෙසයි.
ඇමැති යළිත් කතා කරද්දී හූ හඬ නැගී ආවේය.
ඇමැති ඉක්මනින්ම කතාව අවසන් කළේය.

No comments: