Friday, May 31, 2013

Wallapatta is expensive than Gold...

වල්ලපට්ටා රත්තරංවලටත් වඩා මිලයි


වල්ලපට්ටා යනු රත්තරන් වලටත් එහා ගිය මිල අධික බෝගයක් බැවින් එය ව්‍යාප්ත කිරීමට රජයේ සහාය අවශ්‍ය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ සිංහාරජ ව්‍යාපෘතියේ කළමණාකාර ආචාර්ය සමන්ත සුරන්ජන් ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි.

වනාන්තර ප‍්‍රදේශවල වැවෙන මෙම ශාකය සුවද විලවුන් නිෂ්පාදනයට යොදාගන්නා බැවින් එයට විදේශවලදී අධික මිලක් හිමිවන බව ද හෙතෙම පැවසීය. මේ තත්ත්වය තුළ මෙම ශාකය වාණිජ බෝගයක් ලෙස වගා ඉරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සදහා රජයේ අවධානය යොමුවිය යුතු බවද ආචාර්යවරයා සදහන් කළේය.

‘පසුගිය දවස්වල වල්ලපට්ටා නීතිවිරෝධීව තබා ගත්ත කියලා අත්අඩංගුවට ගෙන තිබුණේ කැලෙන් කපාගෙන තිබුණ හින්දයි. මොකද වල්ලපට්ටා තවමත් ගෙවතුවල වගා කරන්නේ නෑ. නමුත් වාණිජමය වගාවල් ලෙස ව්‍යාප්ත කරන්න නීතිමය බාධාවක් නෑ. එකම ප‍්‍රශ්නය වන්නේ ඒ පිළිබද අපේ සමාජය නොදැනුවත්කමයි.

විදේශිකයන් මේ රටට ඇවිත් මේ ශාකය අරගෙන යන්නේ වටිනාකමක් තිබෙන හින්දනේ. නමුත් අපි තාම එය හදුනාගෙන නැහැ. සුවද විලවුන් හදන්න ගන්නේ වල්ලපට්ටා වල එක් ශාක කොටසක් පමණයි. මිනිසුන් ඒක නොදැන අහුවන ගස් කපන්න ගන්නවා. මේක ජාතික අපරාධයක්. ඒ නිසා වනාන්තරවල තියෙන ගස් කපන එක නවත්වන්න ඕනෑ.

මේ ශාකය වග කිරීමට තාක්ෂණික සහය මුදල් අවශ්‍යයි. ඒ සදහා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට විශාල වගකීමක් පැවරී තියෙනවා. එම අමාත්‍යංශවලින් අවශ්‍ය පර්යේෂණ කරලා වගා කරන්න සුදානම් අයට අවශ්‍ය තාක්ෂණික සහය දෙනවානම් රටට හොද ධන උල්පතක් මේ හරහා නිර්මාණය වේවි. මොකද සුවද විලවුන් සදහා ගන්නා වල්ලපට්ටා ශාක විශේෂයට විදේශ වලදී කොතරම් මුදල් ලැබෙනවාද කියා තවම ගණනය කර නෑ. මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවීම වැදගත්’ යැයි ද ආචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments: