Wednesday, May 1, 2013

Happy Fishermen in Ambalangoda...

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා...!
 
අම්බලන්ගොඩ ධීවර වරාය භූමියේ මේ දිනවල නොදුටු විරූ අන්දමේ මත්ස්‍ය ගහණයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. පසුගිය අප්‍රියෙල් 26 වනදා සිට මෙලෙස ධීවර වරාය භූමියේ මත්ස්‍යයින් දැකගත හැකි බව අද දෙරණ වාර්තාකරු පවසයි. එහිදී මසුන් ඇල්ලීම සඳහා දැල් එළීමට අවසර නැති මුත් ධීවරයින් බිලීපිති යොදාගනිමින් මසුන් ඇල්ලීමේ නිරත වන අයුරු දැකගත හැකිය. ඊයේ (29) දින ධීවරයින් 170 දෙනෙකු පමණ එහි මසුන් ඇල්ලීමේ නිරත වී ඇති අතර ඔවුන්ට රුපියල් ලක්ෂ 2 ට අධික වටිනාකමකින් යුත් මසුන් ප්‍රමාණයක් එහිදී අල්ලා‍ ගැනීමට හැකි වී ඇති බව සඳහන්ය. අද (30) දින එම ප්‍රදේශයේ ධීවරයින් 300 ට ආසන්න පිරිසක් මසුන් ඇල්ලීමේ නිරත වේ. දහවල් 1.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය ඇතුළත මෙලෙස මසුන් අල්ලා ගත හැකි බව ධීවරයින් පවසයි. මේ එලෙස බිලී පිත්ත යොදාගනිමින් මසුන් අල්ලන ධීවරයින්ගේ දසුනකි.

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා...!
April 30, 2013  

ඡායා රූ - දීපාල් ද සිල්වා

No comments: