Monday, May 20, 2013

A Fake Currency Note Factory at Yatiyantota..

යටියන්තොට හොර නෝට්‌ටු කම්හලක්‌
-----------------රු. 1000 සහ රු. 500 හොර නෝට්‌ටු සමඟ
පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගනී ..................

යටියන්තොට නගරයේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්‌ථානයක්‌ 17 වන දින රාත්‍රි එය පවත්වාගෙන ගිය පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

වසරක පමණ කාලයක සිට ඔහු එම ස්‌ථානය සංයුත්ත තැටි හා දුරකථන ඇමතුම් මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇත.

මෙම සැකකරු සිංහල හා මුස්‌ලිම් යන නම් 02 කින් පෙනී සිට ඇති අතර ජාතික හැඳුනුම්ත් 2 ක්‌ ද රියෑදුරු බලපත්‍ර 2 ක්‌ ද භාවිත කර ඇත. එක්‌ හැඳුනුම්පතක අක්‌ෂි නෙත් ඒකනායක යන නමින් පෙනී සිට ඇති අතර ලිපිනය තෙල්කඩේවත්ත හතරේ කණුව, පෑලියගොඩ වශයෙන්ද, අනෙක්‌ හැඳුනුම්පතේ මොහොමඩ් අස්‌මීර් බාවා යන නමින් පුලිනතලාරාම මාගම්මන පාර, රාගම යන ලිපිනයෙන්ද පෙනී සිට ඇත. ඊට අමතරව රහස්‌ පොලිස්‌ නිලධාරියකු වශයෙන් දැක්‌වෙන හැඳුනුම්පතක්‌ ඔහු සතුව තිබී ඇත.

ඔහු සිටි කඩ කාමරයේ තිබී ව්‍යාජ මුදල් රු. 1000 නෝට්‌ටු 7 ක්‌ද, 500 නෝට්‌ටු 2 ක්‌ද, පරිගණක හා එහි අමතර කොටසක්‌ද, මුදල් මුද්‍රණයට යොදාගත් තීන්ත, සෙල්ලම් පිස්‌තෝලයක්‌, යුද හමුදා ඇඳුමක්‌, මුහුණු ආවරණයක්‌ විශාල (අසභ්‍ය දර්ශන ඇතුළත්), සංයුත්ත තැටි තොගයක්‌ද අත්අංගුවට ගෙන ඇත.

සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, සබරගමුව නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් පෙරේරා, සීතාවක කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි අනුරුද්ධ, සීතාවක කොට්‌ඨාස සහකාර පොලිස්‌ අධිකාරිවරුන්වන ඇතුලත්මුදලි හා සමරනායක යන මහතුන්ගේ උපදෙස්‌ මත යටියන්තොට, පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපති අසේල කේ. හේරත්, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන මහින්ද හා ගුණරත්න, 48700, ජයසේන 25796, දෙමටගොල්ල. 46120 චන්දන 36965 පතිරණ යන අය මීට සහභාගි වූහ.

Target-news- යටියන්තොට හොර නෝට්‌ටු කම්හලක්‌

Anura S. Liyanage 2013 මැයි මස 20 ~වසන්ත සමරවර්ධන - බුලත්කොහුපිටිය, කෑගල්ල - එම්. බී. පහළවත්ත, කේ.කේ. ඩී. රූපසිංහ - යටියන්තොට

No comments: