Thursday, May 16, 2013

Another Record from Yousuf Khan in IPL

යුසුෆ් ගෙන්, බාධා කර වාර්තාවක්

විවිධාකර පුවත් වාර්තා වන ඉන්දීය ප්‍රමුඛ ලීග් තරග පිටිය ඊයේ දිනයේදී ද යළි උණුසුම් විය.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් හා පූනේ වෝරියර්ස් අතර පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩක යූසෆ් පතාන් දැවී යාමකට ලක්වීමෙන් අනතුරුවය.

ඔහු දැවීගියේ පිටියේ පන්දුරකින්නන්ට බාධා කිරීම හේතුවෙනි.

වේන් පාර්නෙල් ගේ යෝකර් පන්දුවකට මුහුණදුන් පතාන් එක් ලකුණක් ලබාගැනීමට උත්සහ කළ අතර, පන්දුයවන්නාද පන්දුව වෙත ළඟාවීමට උත්සහ කරන විටදී පතාන් විසින් පන්දුව සිය පාදයෙන් තල්ලු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.

මෙම අවස්ථාව තෙවැනි විනිසුරුවරයා වෙතටද යොමු කර ඇති අතර, පන්දුරකින්නන්ට බාධා කිරීම හේතුවෙන් පතාන් දැවී ගිය බවට මෙහිදී තීරණය විය.

මෙම දැවීයාම සිදුවන විට පන්දු13කින් ලකුණු 23ක් ලබාගැනීමට තිබුණු කොල්කටා නයිට් රයිඩර්ස් පිලට සිය ඉලක්කය කරා යාමටද නොහැකි විය.
මෙම සිද්ධියත් සමග යූසෆ් පතාන් පන්දුරකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවීයාමකට ලක් වූ පළමු අයි.පී.එල්. පිතිකරු බවට ද පත්විය.
ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දැවීයාමකට ලක්වූ අටවැනි පිතිකරුවාද ඔහුය.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී මෙවැනි දැවීයාම් සිදුව ඇත්තේ එක්වරක් පමණි. එසේ දැවීගියේ සුපිරි එංගලන්ත පිතිකරු ලෙන් හට්න් ය.
එක්දින ජාත්‍යන්තර පිටියේදී මෙවැනි දැවීයාම් 4ක් සිදුවී ඇති අතර එසේ දැවීගියේ ඉන්දියාවේ මොහින්දර් අමර්නාත් හා පකිස්තානයේ මොහොමඩ් හෆීස්, රමීස් රාජා හා ඉන්සමාම් උල් හක් ය.
මීට අමතරව, අහමඩ් හයාට්, චින්තක පෙරේරා හා ඒඩ්‍රියන් භරත් යන ක්‍රීඩකයන් ලොව පන්දුවාර විස්සයි විස්ස ඉතිහාසයේ මෙවැනි දැවීයාම් වලට දක්වී ඇතැයි අයි.පී.එල්. නිල වෙබ් අඩවියේ දැක්වේ.
යුසුෆ් ගෙන්, බාධා කර වාර්තාවක් 
Published on Thursday, 16 May 2013 12:15 

No comments: