Wednesday, May 22, 2013

Cost of a Thorana is Rs 2500000

තොරණක් ගහන්න ලක්ෂ 25
දිනකට විදුලි බිල 15000 යි



වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයෙහි වෙසක් තොරණ රැසක්ම ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් සමහරක් ඉදි කිරිම් දැනටම නිමවී ඇති අයුරු දැක ගත හැකි විය.

දෙමටගොඩ,පෑලියගොඩ,පිටකොටුව සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තොරණ මෙසේ නිමා වී ඇත.

කොළඹ කොස්ගස් හන්දියේ තොරණද අද (21) සවස වන විට නිමවා අවසන් කරන බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වී ඇත.

තොරණ ප්‍රදර්ශනය කිරීම කිරීමට දිනකට විදුලි බිල රුපියල් පහළොස්දාහක් පමණ වැය වන බවත් ,විදුලිය ලබා දීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් හැත්තෑඅට දහසක් ගෙවීමට සිදු වන බවත් තොරණ සංවිධායකයෝ කියති. තමන්ට කිසියම් හෝ සහනයක් ලබා දෙන්නේ නම් කෘතඥ වන බව තොරණ ඉදිකරන්නෝ කියති.

No comments: