Thursday, May 16, 2013

Breasts of the Popular Star are removed

ප්‍රකට ක්‍රියාදාම නිළියගේ පියයුරු යුගළ ඉවත් කරයි

සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පියයුරු පිළිකාවකට ලක්වීමේ අවධානමින් මිදීම සඳහා පූර්ව නිවාරක පියවරක් ලෙස සිය පියයුරු යුගලම ඉවත් කිරීමේ සැත්කමකට ලක් වූ බව පසුගියදා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අනාවරණය කළාය. තිස්හත් හැවිරිදි සය දරු මවක් වන ජොලී සිය එඩිතර තීරණයට හේතු දක්වමින් කියා සිටියේ ජානමය වශයෙන් තමන්ට පියයුරු පිළිකාවක් වැළඳීමේ 87% ප්‍රවණතාවක් ද, ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳීමේ 50%ක ප්‍රවණතාවක්ද ඇති බවට වෛද්‍යවරුන් විසින් තීරණය කරන ලද බවයි.

ජොලීගේ මව මිය ගියේද පිළිකා රෝගි තත්ත්වයකිනි. තම දරුවන් වෙනුවෙන් දිගු කාලීන නිරෝගි ජීවිතයක් ගත කිරීමේ අරමුණින් ඇය විසින් ගන්නා ලද මෙම තීරණයට ඇගේ සහකරු වන සුප්‍රකට නළු බ්‍රැඩ් පීට්ගේ පූර්ණ සහයෝගය ද ලැබුණ බව ජූලියා කියා තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේ දී ඇරඹී පියයුරු ඉවත් කිරීමේ හා යළි සැකසීමේ සංකීර්ණ ක්‍රියාවලිය අවසන් වන ලද්දේ පසුගිය අප්‍රේල් මාසයේ දීය.

2013 මැයි 14  02:38  p m 

No comments: