Sunday, May 5, 2013

Mervin vs Califonia Police...

මර්වින්ගෙන් පොලිසිය ප්‍රශ්න කරලා ---------------

මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නියුතු ඇමැති මර්වින් සිල්වා මහතාගෙන් කැලිෆෝනියා පොලිසිය ප්‍රශ්නකර ඇතැයි වාර්තාවේ.

ඇමතිවරයා පසුගිය 27 දා කැලිෆෝනියාවේ ශ්‍රී ලංකිකයින් පිරිසක් රැස්කර එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකළ මිනිස් ඝාතන ගැන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කර තිබේ.

ඔහු පදර්ශනය කර ඇත්තේ, කරුණා අම්මාන් නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයාව සිටියදී අරන්තලාවේදී සිදුකළ සාමණේර හිමිවරුන් 33 දෙනාගේ ඝාතනය සම්බන්ධ වීඩියෝවකි.

එම වීඩියෝ පටය පෙන්වන අතර තුරේදී එරට පොලිසියෙන් පැමිණ ඒ පිළිබඳව ඇමතිවරයා ගෙන් ප‍්‍රශ්න කර ඇත.

අමාත්‍යවරයා එහිදී පොලිසියට කරුණු කීමෙන් පසු පොලිසිය ආපසු ගොස් තිබේ.

No comments: