Saturday, May 11, 2013

How Asath Sali released???

ජනපති නියමයෙන් අසාද් සාලි නිදහස් කිරීමට මුල් වූ දිවුරුම් ප්‍රකාශය

සතියකට වැඩි කාලයක් රහස් පොලිස් අත්අඩංගුවේ සිටි කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතා අද (10) නිදහස් කෙරුණු අතර ඔහු එසේ නිදහස් කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ දිවුරුම් ප්‍රකාශයක් සලකා බැලීමෙන් පසුවය.

ඊයේ යැවූ බව පැවසෙන එකී දිවුරුම් ප්‍රකාශය පහත දැක්වෙන කරුණුවලින් සමන්විතය.

ඉන්දියාව තුළ පළවන ජුනියර් විකටන් සඟරාවට තමන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව වැරදි ලෙස අර්ථකතනය කර ඇති බවත් පසුව එය නිවැරදි කරන ලෙස තමන් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාළ සඟරාව එය නිවැරදි කර නැවත පළ කර ඇති බවත් ඔහු එම දිවුරුම් ප්‍රකාශයෙන් පෙන්වාදෙයි.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියෙකු ලෙස තමන් කිසිවිටෙක ශ‍්‍රී ලංකා රජයට එරෙහිව ආයුධ ගැනීමට අනුබලයක් හෝ සහයෝගයක් ලබානොදෙන බව සිය දිවුරුම් ප‍්‍රකාශයෙන් පෙන්වා දෙන අසාද් සාලි මහතා සඳහන් කරන්නේ එවැනි ක‍්‍රියාදාමයක භයානක ප‍්‍රතිඵල දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් තමන් අවබෝධ කරගෙන ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය මෙන්ම ස්වෛරිභාවය සහ සැම ජන කොටසකටම සම අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවත් ඉදිරියේදීත් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් අසාද් සාලි සිය දිවුරුම් ප‍්‍රකාශය මගින් සඳහන් කර තිබේ.

තමන් ජුනියර් විකටන් සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යම් අයෙකු නොමගයාමක් හෝ අපහසුතාවයකට පත්වුයේ නම් ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුව ප‍්‍රකාශ කරන බව එම දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන්ය.

“පොපියුලර් ෆ‍්‍රන්ට් ඔෆ් ඉන්දියා” නැමති සංවිධානය විසින් පැවැත්වු සමුළුවට තමන් ප‍්‍රථමවරට ආරාධිතයෙකු ලෙස සහභාගි වු බවත් එම සංවිධානයේ පසුබිම පිළිබඳව සහ අරමුණු පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවත් මෙම දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන් වේ.

රටට හිතැති පුරවැසියෙකු ලෙසත් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පක්ෂපාති පුද්ගලයෙකු ලෙසත් ඉදිරියටත් එවැනි පක්ෂපාතියෙකු ලෙස කටයුතු කරන්නෙකු ලෙසත් ශ‍්‍රී ලංකාවට හෝ එහි ජාතික ආරක්ෂාවට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කරන කිසිවෙකුට හෝ සහයෝගය නොදක්වන අයෙකු ලෙසත් එවැනි ක‍්‍රියා හෝ ප‍්‍රකාශ හෙළාදකින බවත් අසාද් සාලි මහතා සිය දිවුරුම් ප‍්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

May 10, 2013  07:17 pm
 
No comments: