Tuesday, May 7, 2013

Electricity Bills will be fired....

විදුලිබිල ගිනි තබයි ------------------------------

ලබන 21 වැනිදා සිදුකරන වැඩවර්ජනය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් කොටුව දුම්රිය නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණ. විදුලිබිල වැඩිකිරීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනින් පසු එජාප මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මෙන්ම හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත හා වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් එහිදී විදුලිබිලේ ආකෘතියකට ගිනි තබා විරෝධතාවයක් ද සිදුකරනු දක්නට ලැබිණ.

එම අවස්ථාවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත, ජාතික සේවක සංගමය නියෝජන කරමින් එජාප මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ඇතුළු වෘත්තීය සමිති නායකයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

No comments: