Friday, May 3, 2013

Orange in Belihuloya...

දැන් බෙලිහුල්ඔය දොඩම් ගැනත් දොඩන්න පුලුවන්

නාරං දොඩම් වාරය පැමිණ ඇත. දොඩම් කී පමණින්ම සිහියට නැගෙන්නේ බිබිලේ දොඩම්ය. ඊට නොදෙවෙනිම වූ බෙලිහුල්ඔය බළන්ගොඩ ප‍්‍රදේශයේ ද මෙම පැඟිරි වර්ගයේ පළතුරු බහුලය. කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පසුවී බෙලිහුල්ඔය දෙසට වන්නට ජම නාරං පැණිදොඩම් සහ ජම්බෝල සහිත කුඩා කඩ මෙම පළතුරින් පිරී ඉතිරී පවතී.

සීලගම හා බෙලිහුල්ඔය අතර වු කිලෝමීටර් 02ක පමණ කලාපයේ මෙවැනි කුඩා වෙළඳසැල් 20 ක් පමණ තිබේ. මෙම පාරේ බදුල්ල බණ්ඩාරවෙලටත්, කොළඹ දෙසටත් ගමන් කරන්නෝ මදක් නැවතී විඩාහැර දොඩමක නාරං බිකක රස බලන්නට අමතක නොකරති.

No comments: