Saturday, May 11, 2013

Sakwithi can't leave from jail yet...

සක්විතිට ඇප දුන්නත් එළියට එන්න බෑ

රුපියල් කෝටි සියයකට වැඩි තැන්පතු වංචා කළැයි වසර තුනකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි සක්විති මූල්‍ය සමාගමේ හිමිකරු හා ප්‍රසිද්ධ ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකු වූ සක්විති රණසිංහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් අද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.

මාසයේ අන්තිම සෙනසුරාදා රහස් පොලීසියේ වාණිජ අපරාධ අංක දෙක අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

සක්විතිගේ මව එච් ජී චන්ද්‍රලතා මහත්මිය (69) අධිකරණයෙන් පිටදී පැවසුවේ තම බාල පුතාට ඇප ලැබීම ගැන බෙහෙවින් සතුටු වන බවයි.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද තහනම් කැරිණි.

තම බිරිය බාල වයස්කාරියකව සිටියදී ඇය සමග විවාහවී ඇය කෙළෙසීයැයි චෝදනාවට වරදකරු වූ ඔහු දැන් වසර දෙක හමාරක සිර දඩුවමක් ගෙවයි.

ඔහු බහුවිවාහ චෝදනාවට ද වැරදිකරුවෙක් විය.
සක්විතිට ඇප දුන්නත් එළියට එන්න බෑ
2013 මැයි මස 10 16:01:13 | බිමල් ශ්‍යාමන් ජයසිංහ , පාරුක් තාජුදීන් 

No comments: