Monday, May 20, 2013

Rajitha & Maithri tried to rescue Dr Jayalath Jayawardene

ජයලත් බේරාගන්න රාජිත හා මෛතී‍්‍රත් සටනක

jayalath j bඑක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වන වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි පවසනවාඒ නිසා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඒ මහතා සිංගප්පූරුවට රැගෙන යාමටයි ඔහුගේ ඥාතීන් සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් ගිලන් සේවා පහසුකම් සහිත ගුවන් යානයක් සපයා දීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මැදිහත් වී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායකවරයාද ඊට මැදිහත් වී සිටින බවයි දැනගන්නට තිබෙන්නේ. මේ අතර වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මෙලෙස අසාධ්‍ය වී සිටින්න ඉකුත් 11 වනදා ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසායි. දැනට ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබනවා. 

No comments: