Saturday, May 18, 2013

A Child Couple arrested...

වයස 14 සහ 17 දෙදෙනෙක් පාලු වැසිකිලියක් "හනිමුන්" කාමරයක් කරගෙන

sex-toiletපාළු වැසිකිලියක් තුළදී අවුරුදු 14 ක පාසල් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන අවුරුදු 17 ක පිරිමි දරුවෙකු රුපියල් 5000/- ක මුදල් ඇප හා ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එච්.එන්.සී. අමරසිංහ මහතා නියෝග කළේය.
මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාට ලැබුණු තොරතුරක් මත මීගමුව ප්‍රධාන පාලම යට අතහැර දමා භාවිතයට නොගන්නා වැසිකිළියක ඇතුළත පිරිමි දරුවා විසින් බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටියදී මීගමුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම පිරිමි දරුවා උපත් පාලන කොපු භාවිතා කරමින් දැරිය සමඟ අපයෝජන කටයුතුවල යෙදී ඇත. මීට පෙරද මෙම දෙදෙනා එක්ව ලිංගික සංසර්ගයේ මේ ස්ථානයේ දී කීප වතාවක් යෙදී ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. නඩු භාණ්ඩ වශයෙන් මීගමුව පොලිසිය විසින් බෙට්සීට් එකක්, උපත් පාලන කොපු, පාට ඇඳුම් සමග සපත්තු කුට්ටමක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.
මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති රාජිතා විතාරණ මහත්මියගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 51703 අත්තනායක මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළේය. නැවත විභාගය 2013.06.11 ට කල් තැබුණි.

No comments: