Saturday, May 18, 2013

No bad effects from Newzeeland Milk

"වස පොඩ්ඩක් තිබ්බත් අපේ කිරි ම බොන්න" - නවසීලන්තය

NZCOWනවසීලන්ත කිරිපිටි නිෂ්පාදන සුළු ප‍්‍රමාණයක  ඩයිසයනයිඞ් නැමැති රසායනිකය අඩංගු බව  හෙළිවී ඇති නමුත් එය ආහාර සුරක්ෂිතතාවයට ගැටලූවක් නොවන බවත් නවසීලන්තයේ සියලූම කිරි නිෂ්පාදන වල ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය තහවුරු කර ඇති බැවින් ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයා එම නිෂ්පාදන පිළිබද අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි එයට ආහාර සුරක්ෂිතතාව පිළිබද ජේ්‍යෂ්ඨ  නිලධාරී මූලික නිෂ්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් චෙන් මැක්නි මහතා පවසයි.
ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේද දැක්වේ.
නවසීලන්තයේ නිෂ්පාදනය කරනු ලබන සියලූම කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවට පාරිභෝගිකයන්ට නවසීලන්ත රජය තහවුරු කර සිටී.
නවසීලන්ත රජයේ ආහාර සුරක්ෂිතතාව පිළිබද ජේ්‍යෂ්ඨ  නිලධාරී මූලික නිෂ්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් චෙන් මැක්නි  නවසීලන්ත කිරිපිටි නිෂ්පාදන සුළු ප‍්‍රමාණයක ඉතාමත් සුළු වශයෙන් ඞී.සී.ඞී. අන්තර්ගතව  තිබූ බව ප‍්‍රකාශ කර ඇත . නමුත් එය ආහාර සුරක්ෂිතතාව පිළිබද කිසිදු ගැටලූවක් නොවන බව පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටී නවසීලන්තයේ සියලූ කිරි නිශ්පාදන පාරිභෝජනයට සුදුසු නිසා කිසිදු නිෂ්පාදනයක්  නවසීලන්ත වෙළෙදපොලෙන් ඉවත් කර නොමැති බවද ඒ මහතා ප‍්‍රකාශ කර සිටී.
නවසීලන්ත කිරි නිෂ්පාදන වල ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබද  ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන් අනියත බියක් ඇතිකර ගැනීමට කිසිදු හේතුවක් නොමැත .
පුළුල් පරීක්ෂණ වලින් සොයාගෙන ඇති පරිදි අන්තර්ගත ඉතා සුළු ඞී.සී.ඞී. ප‍්‍රමාණ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට කිසිදු බලපෑමක් නොවන බවට සොයාගෙන ඇත. එමෙන්ම ඞී.සී.ඞී. යම් ප‍්‍රමාණයක් අන්තර්ගතවීමෙන් වුවත් ඇතිවිය හැකි බරපතල සෞඛ්‍ය තර්ජනයක් පිළිබද කිසිවක්  තහවුරු වී නැත.
ඞී.සී.ඞී. යනු විෂ රසායනිකයක් නොවේ. එය ශරීරයට අහිතකර නොවන  ජලයේ දිය කළ හැකි මිශ‍්‍රණයක් ලෙසින් තණ බිම් සදහා යෙදෙන පොහොරවලට එක් කරන හරිතාගාර ආචරණය අවම කරන  පරිසර හිතකාමී සංයෝගයකි.
කෙසේ නමුත් මින් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති නොවුනද මේ වන විට නවසීලන්ත කිරි පිටි නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය  තුළ ඞී.සී.ඞී. භාවිතය නතර කර ඇත. ජාත්‍යන්තර ප‍්‍රමිතියකට අනුව ඞී.සී.ඞී. භාවිතාව සම්බන්ධයෙන් මින් ඉදිරියට ගත හැකි පියවර පිළිබද සලකා බලමින් සිටින  බවද මැක්නි මහතා ප‍්‍රකාශ අර සිටී.

No comments: