Friday, May 31, 2013

MR pays last respect to Dr.J Jayawardane


ජයලත්ට ජනපති අවසන් ‍ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන‍ මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (31දා ) අවසන් ගෞරව දක්වනු ලැබුවේය.
ජා ඇල වැලිගම්පිටියේ ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ නිවසට අද දහවල් ගිය ජනාධිපතිවරයා ‍ඊට අවසන් ගෞරව දැක්වූ අතර එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 30දා අලුයම අභාවප්‍රාප්ත විය.


No comments: