Saturday, May 4, 2013

Jonny buys Sri Lanka Distilleries Company..

ශ්‍රී ලංකාවේ අවුරුදු 50 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති ස්කාගාර සමාගමක් වන කළුතර ශ්‍රී ලංකා ඩිස්ටලරීස් සමාගම සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් සමාගමක් විසින් මිලදී ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ව්‍යාපාරික කීර්තිනාමය ද ඇතුළුව රුපියල් බිලියන 3 කට විකිණීමට තිබූ ශ්‍රී ලංකා ඩිස්ටලරීස් සමාගම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමාගම විසින් මිලදී ගැනීම සඳහා එකඟ වී ඇත්තේ රුපියල් බිලියන 2.5 ක මුදලකටය. පාරම්පරික රේන්ද කරුවන් වන කළුතර ශ්‍රී ලංකා ඩිස්ටලරීස් සමාගමේ පනස් වසරක ඒකාධිකාරය මෙම ගණුදෙනුව සමග අහෝසි වන අතර ඒ සමගින් වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ස්කාගාර සමාගම් සංඛ්‍යාව 6 දක්වා ඉහළ යනු ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම ස්කාගාර සමාගම් සියල්ලම මිලදී ගනු ලැබුවේ පසුගිය තෙවසරක කාලය තුලය.
(lankanewsweb)

No comments: