Friday, May 24, 2013

UNP concerned about interrogation of Delgoda by CID


  ප්‍රධාන චරිතයට දෙන්නෙක් සටන් කරනවා


මේ දවස්වල අලුත්ම චිත්‍රපටිය තර්ටීන් ප්ලස් බවත් එහි අධ්‍යක්ෂවරයා ලැජ්ජ නැති මුදියන්සේලාගේ තුම්මුල්ලේ විමලේ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍ර්‍රනාන්දු මහතා පවසයි.

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පාඨලි චම්පික රණවක හා උදය ගම්මන්පිල සටන් කරන බවද හෙතෙම කියයි.

කොළඹදී අද (23දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව පවසා මේවන විට විශාල ප්‍රශ්නයකට මුහුණදී සිටින බව හෙතෙම පෙන්වාදුන්නේය.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

එකී මාධ්‍ය හමුවට සහභාගි වූ එජාප මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසුවේ අපි සිටින්නේ ආණ්ඩුව නැළවීමට නොව ආණ්ඩුව පෙරළීමට බවයි.

පෙඩ්රික් නියොමාන් පදනමෙන් මුදල් ලබා ගත් බවට ආණ්ඩුව චෝදනා කර ඇති බවත් එම පදනම සමග එක්වී ආණ්ඩුවේ ඇමතිවරුන් පවා වැඩ කර ඇති බවත් හෙතෙම කීවේය.

මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරින් වන කේ.පී, කරුණා වැනි අය සිටින්නේ ආණ්ඩුව යටතේ බවයි.

ආණ්ඩුව යටතේ ඔවුන් නිදහසේ කටයුතු කරමින් සිටියදී රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බව හෙතෙම පෙන්වාදුන්නේය.

Target-news - UNP concerned about interrogation of Delgoda by CID
---------------- ප්‍රධාන චරිතයට දෙන්නෙක් සටන් කරනවා

මේ දවස්වල අලුත්ම චිත්‍රපටිය තර්ටීන් ප්ලස් බවත් එහි අධ්‍යක්ෂවරයා ලැජ්ජ නැති මුදියන්සේලාගේ තුම්මුල්ලේ විමලේ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍ර්‍රනාන්දු මහතා පවසයි. 

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පාඨලි චම්පික රණවක හා උදය ගම්මන්පිල සටන් කරන බවද හෙතෙම කියයි. 

කොළඹදී අද (23දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. 

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව පවසා මේවන විට විශාල ප්‍රශ්නයකට මුහුණදී සිටින බව හෙතෙම පෙන්වාදුන්නේය. 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවත් ඔහු කියා සිටියේය. 

එකී මාධ්‍ය හමුවට සහභාගි වූ එජාප මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසුවේ අපි සිටින්නේ ආණ්ඩුව නැළවීමට නොව ආණ්ඩුව පෙරළීමට බවයි. 

පෙඩ්රික් නියොමාන් පදනමෙන් මුදල් ලබා ගත් බවට ආණ්ඩුව චෝදනා කර ඇති බවත් එම පදනම සමග එක්වී ආණ්ඩුවේ ඇමතිවරුන් පවා වැඩ කර ඇති බවත් හෙතෙම කීවේය. 

මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරින් වන කේ.පී, කරුණා වැනි අය සිටින්නේ ආණ්ඩුව යටතේ බවයි. 

ආණ්ඩුව යටතේ ඔවුන් නිදහසේ කටයුතු කරමින් සිටියදී රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බව හෙතෙම පෙන්වාදුන්නේය. 

 Several UNP MPs held a press conference to express concern about the interrogation of a representative of the Friedrich Naumann Foundation in Sri Lanka, Sagarika Delgoda by the CID recently.

UNP MP Ruwan Wijewardena said that allegations that the Foundation and the United National Party were working together to topple the government were false and said MPs are concerned they too will be taken to the CID.                                                          

Anura S. Liyanage Target-news -THURSDAY, 23 MAY 2013

No comments: