Monday, May 13, 2013

Stormy Mahasen changed the Name...

සුළි ‘මහසෙන්’ නම වෙනස් කරයි 
 
මේ වන විට ශී‍්‍ර ලංකාවට බලපෑම් කරමින් තිබෙන සුළි කුණාටුව සඳහා ‘මහසෙන්’ යන නම යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ලවීම නිසා එම නම ඉවත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු වන මහසෙන් රජතුමාගේ නම මෙයට යාදා තිබීම ආගමික මෙන්ම සංස්කෘතියට ද දැඩි පහරක් බවට අදාළ අංශ වෙතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්වා දී තිබීම නිසා මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේය.

No comments: