Wednesday, May 22, 2013

Suspect of Akuressa Rape case arrested...

ආයුර්වේද වෛද්‍යවරිය දූෂණය කර
අත්අඩංගුවෙන් පලාගිය සැකකරු අසුවේ


අකුරැස්‌සේදී ආයුර්වේද වෛද්‍යවරියක්‌ දූෂණය කොට ගෙල සිර කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අකුරැස්‌ස පොලිසියේ රඳවා සිටියදී පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී පලා ගොස්‌ සිටි සැකකරු බොරැල්ල කනත්ත වටරවුමේදී මාතර කොට්‌ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු විසින් මෙම වෛද්‍යවරිය නිවසේ රාත්‍රි නිදාගෙන සිටියදී වහලයෙන් බැස මෙම අපරාධය සිදු කොට ඇති බවට හෙළිවී ඇත.

මියගොස්‌ ඇති වෛද්‍යවරිය 76 වියෙහි පසුවී ඇත.

ඇය නිවසේ තනිවම ජීවත් වී ඇති අතර ඇගේ නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා පුද්ගලයෙක්‌ ද සිට ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍ර. පො. ප. ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


No comments: