Wednesday, May 15, 2013

Mervin Speaks...

මම පටන් ගත්ත කිසිම වැඩක් වැරදිලත් නෑ ,නැවතිලත් නෑ .......... මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා

ජනාධිපතිතුමන්ගේ උපදෙස් වලට අනුව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා බැතිමතුන්ගේ පහසුව සඳහා ආරම්භ කරනු ලැබූ උඩ මළුව නව රථ ගාල ප‍්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ (මැයි 14දා) නිරත විය.

මේහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම නව රථ ගාල වර්ග අඩි 20000ක්. මම මහාමාර්ග නියෝජ්‍ය ඇමති කාලේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අටමස්ථානාධිපති මහානායක ස්වාමීන් වහන්සේගෙත්, රුවන්වැලි මහා සෑයේ මහානායක ස්වාමීන් වහන්සේගෙත් මඟ පෙන්වීම යටතේ නව රථ ගාලක් සඳහා මම ඉඩමක් වෙන් කලා. මෙම ඉඩමට යබඳව තිබුණ පෞද්ගලික කුඹුරුත් මට පුළුවන් වුණා රුපියලක් වත් නොගෙවා සුහඳව ලබා ගන්න හැකිවු බවයි.

"මම පටන් ගත්ත කිසිම වැඩක් නැවතිලත් නෑ වැරදිලත් නෑ අපි ඉංජිනේරු මහත්වරුන්ටත් ආරාධනා කරලා රුවන්වැලි මහා සෑයේ නායක ස්වාමීන් වහන්සේත් වැඩමවාගෙන ඊයේ රාති‍්‍රයේ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලයි අද මෙම ස්ථානයට ආවේ දැන් මේ මෙහොතේ ඉඳලා වැඩ නමුත් පහුගිය කාලෙත් වැඩ නොකරුනේ නෑ නමුත් මොනොවහරි විධියකින් වැඩ අතපසු වීමක් වුණා. නමුත් මම ඉල්ලීමක් කරා ඒ උදවියෙගෙන් පොසොන් පොහොයට සතියකට ඉස්සේල්ලා මෙය නිම කරලා අටමස්ථානයට භාර දෙන්න කියලා. ඒ අනුව මෙය නිමකරලා භාර දෙනවා. මීට අමතරව මෙම ස්ථානයේ වැසිකිලි 2ක් සහ ආපන ශාලාවක් හැදෙනවා ඊට අමතරව කාණු පද්ධතියක් හැදෙන්න ඕන.

එහෙම නැත්නම් මේක ජලාශයක් වෙනවා අපිට ජලාශයක් ඕන නෑ ඕන රථ ගාලක් පමණයි. ඒ විධියට කි‍්‍රයා කරයි කියලා මම විශ්වාස කරනවා. අර දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හඳලා ඒක දිහා බලන් හිටියා වගේ මටත් කවදහරි දවසක රථ ගාල දිහා බලන් ඉන්න පුළුවන් කියලා දැන් රුවන්වැලි මහා සෑයේ නායක හාමුදුරුවොත් කිව්වා. මැරෙන මොහොතේ මතක්වෙන හොඳ වැඩ ටිකක් අපි කරමු කියලා නායක හාමුදුරුවෝ කිව්වා. මේක මේ නම ප‍්‍රසිද්ධ කරගන්න කරන වැඩක් නෙමෙයි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කි‍්‍රයාවක් පමණයි.

No comments: