Friday, May 31, 2013

Another sad News From Nawalapitiya..

විදුලි රැහැන් සමග කනුවක් හිස මත වැටී සිසුවිය මියයයි

ලොරි රථයක පැටලුන විදුලි රැහැන් සමග විදුලි කනුවක් ඇඟ මතට ඇද වැටීමෙන් මහමග ගමන් කරමින් සිටි නාවලපිටිය, කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක් එයට‍ යට වී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ ගල්පාය,තැලිහුන්න ජනපදයේ පදිංචි දිව්‍යාංජලී විනෝදා නෙත්මිණි රෝයල් නැමැති 14 හැවිරිදි සිසුවියයි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී මෙම සිසුවිය, සිය නැගණිය සහ අසල්වැසි පාසල් ගුරුවරියක් සමග නිවස වෙත යමින් සිට ඇත. එම අවස්ථාවේදී ‍ සිසුවියගේ පියා පදවන ලද ත්‍රිරෝද රථය මොවුන් අසලට පැමිණ තිබේ. ඒ,ඔවුන් නංවා ගෙන නිවස වෙත යාමටය. එම අවස්ථාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ උස තට්ටුවක් සහිත ලොරි රථය ත්‍රි‍රෝද රථයට ඉඩ ලබා දීමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ දී පහතින් ඇද තිබූ විදුලි රැහැන් ලොරි තට්ටුවේ පැටලී ඇත.

ඒ බවක් නොදත් ලොරි රියදුරා යළි ලොරිය ඉදිරියට ගැනීමේදී විදුලි රැහැන් සමග තිබූ විදුලි කනුව ගැලවී සිසුවියගේ හිස මතට ඇද වැටී ඇත. පරීක්ෂණ පැවැත් වූ කුරුඳුවත්ත පොලිසිය ලොරි රථය සමග එහි රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

PHOTO: මියගිය දිව්‍යාංජලී (මැද) සොයුරියන් සමග

No comments: