Saturday, May 4, 2013

Mother & Son had Admitted to the Hospital....

උපවාස කළ මව හා පුතා මාරවිල රෝහලට

දරුවකු පාසලට ඇතුළත් කර නොගත්තේ යෑයි විරෝධය පා නාත්තන්ඩිය ධම්මිස්‌සර ජාතික පාසල ඉදිරිපිට ඉකුත් 2 වැනිදා පෙරවරුවේ සිට උපවාස කළ මව සහ දරුවා එදින රාත්‍රි 8.45 ට පමණ මාරවිල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

ඔවුන් සුළු රෝග තත්ත්වයකට ලක්‌ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නාත්තන්ඩිය, හෙට්‌ටිවත්තේ එන්. පුණ්‍යා මල්කාන්ති හා ඇගේ දරුවා උපවාසයේ යෙදී සිටි අතර ඔවුන්ගේ සුවදුක්‌ විමසීමට ප්‍රදේශවාසීහු හා මැති ඇමැතිවරු ද පැමිණියහ. මැති ඇමැතිවරු තමන්ට දිය හැකි සහන පිළිබඳවද පැවසූහ.

අධ්‍යාපන බලධාරීන්ගෙන් මේ ගැන විමසීමේදී කියා සිටියේ එම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට ප්‍රමාණවත් ලකුණු නොමැති බවය. එවැනි ළමුන් 16 දෙනකු සිටින බවද ඔවුහු පැවසූහ.
Target-news -______________ උපවාස කළ මව හා පුතා මාරවිල රෝහලට _________

දරුවකු පාසලට ඇතුළත් කර නොගත්තේ යෑයි විරෝධය පා නාත්තන්ඩිය ධම්මිස්‌සර ජාතික පාසල ඉදිරිපිට ඉකුත් 2 වැනිදා පෙරවරුවේ සිට උපවාස කළ මව සහ දරුවා එදින රාත්‍රි 8.45 ට පමණ මාරවිල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

ඔවුන් සුළු රෝග තත්ත්වයකට ලක්‌ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නාත්තන්ඩිය, හෙට්‌ටිවත්තේ එන්. පුණ්‍යා මල්කාන්ති හා ඇගේ දරුවා උපවාසයේ යෙදී සිටි අතර ඔවුන්ගේ සුවදුක්‌ විමසීමට ප්‍රදේශවාසීහු හා මැති ඇමැතිවරු ද පැමිණියහ. මැති ඇමැතිවරු තමන්ට දිය හැකි සහන පිළිබඳවද පැවසූහ.

අධ්‍යාපන බලධාරීන්ගෙන් මේ ගැන විමසීමේදී කියා සිටියේ එම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට ප්‍රමාණවත් ලකුණු නොමැති බවය. එවැනි ළමුන් 16 දෙනකු සිටින බවද ඔවුහු පැවසූහ.            

Anura S. Liyanage Target-news - නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

No comments: