Sunday, March 31, 2013

චන්දිමාල් IPL යන්නේ නෑ....

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක, ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායක දිනේශ් චන්දිමාල් එළඹෙන 3න් වැනි දින සිට ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිඛෙනවා. ඒ දිල්ලි ඩෙයාර් ‍ඩෙවිල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්ෂේප කරමින්. දිල්ලි ඩෙයාර් කණ්ඩායම ඔහුවෙත ගෙවීමට නියමිතවූ කොන්තරාත් මුදල පමණක් ඇ.ඩො.100,000 බව සදහන් වනවා.

ප්‍රවීන ක්‍රීඩකයින් ඉන්දියන් මුදල් ඉදිරියේ බලු වී රටත් බලු කරද්දී, මේ තරුණ ක්‍රීඩකයා නොබියව රට වෙනුවෙන් පෙනී සිටීම, කවත් සිංහල ජාතියට ගරහන බොදු විරෝධී නිවටයින්ට රුස්සන්නේ නෑ. ඔවුන් දැන් දිනේශ් චන්දිමාල්ට මඩ ගහන්නට පටන් අරන්.

චන්දිමාල්, ඔබගේ දක්ෂතාවය ගැන අපට කිසිම සැකයක් තිබුණේ නැහැ... ඔබ මතු යම් දිනක තවත් අරවින්ද කෙනෙක් වන බව අප දැන සිටියා... නමුත් ඔබ, සිංහල වීර මාතාවකගේ කුසින් උපන් එඩිතර ලේ ඇති දරුවෙක් බව මේ ක්‍රියාවෙන් අපට පසක් කළා... ඔබට සුභ අනාගතයක් චන්දිමාල්...!!!

රුපියල් කෝටියකටවත් රට පාවා නොදුන් දිනේශ් චන්දිමාල්ට ගෞරවයක් http://www.facebook.com/youthoflove55 like us
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක, ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායක දිනේශ් චන්දිමාල් එළඹෙන 3න් වැනි දින සිට ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිඛෙනවා. ඒ දිල්ලි ඩෙයාර් ‍ඩෙවිල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්ෂේප කරමින්. දිල්ලි ඩෙයාර් කණ්ඩායම ඔහුවෙත ගෙවීමට නියමිතවූ කොන්තරාත් මුදල පමණක් ඇ.ඩො.100,000 බව සදහන් වනවා.

ප්‍රවීන ක්‍රීඩකයින් ඉන්දියන් මුදල් ඉදිරියේ බලු වී රටත් බලු කරද්දී, මේ තරුණ ක්‍රීඩකයා නොබියව රට වෙනුවෙන් පෙනී සිටීම, කවත් සිංහල ජාතියට ගරහන බොදු විරෝධී නිවටයින්ට රුස්සන්නේ නෑ. ඔවුන් දැන් දිනේශ් චන්දිමාල්ට මඩ ගහන්නට පටන් අරන්.

චන්දිමාල්, ඔබගේ දක්ෂතාවය ගැන අපට කිසිම සැකයක් තිබුණේ නැහැ... ඔබ මතු යම් දිනක තවත් අරවින්ද කෙනෙක් වන බව අප දැන සිටියා... නමුත් ඔබ, සිංහල වීර මාතාවකගේ කුසින් උපන් එඩිතර ලේ ඇති දරුවෙක් බව මේ ක්‍රියාවෙන් අපට පසක් කළා... ඔබට සුභ අනාගතයක් චන්දිමාල්...!!!

Saturday, March 30, 2013

මාස 11 ක දැරිය අපයෝජනයට ලක්‌ කළ චූදිත වසර 20 ක්‌ හිරේ....... විසි දහසක්‌ දඩ හා ලක්‍ෂ 8 ක්‌ වන්දි ගෙවීමටත් නියෝග......

මාස 11 ක දැරිය අපයෝජනයට
ලක්‌ කළ චූදිත වසර 20 ක්‌ හිරේ
විසි දහසක්‌ දඩ හා ලක්‍ෂ 8 ක්‌ වන්දි ගෙවීමටත් නියෝග

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

මාස 11 ක්‌ වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක්‌ සිදුකළ තරුණයකු චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 20 ක බරපතළ සිරදඬුවමක්‌ සහ රුපියල් 20,000 ක දඩයක්‌ නියම කළේය.

දඩ මුදලට සහ සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ අටක මුදලක්‌ ගෙවන ලෙස ද චූදිතට නියෝග කෙරිණි.

මෙහි චූදිත වූයේ බේරුවල පදිංචි අහමඩ් ධීරා අබ්දුල් හසන් නමැත්තෙකි.

නඩු විභාගය ආරම්භයේදීම චූදිත චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කළෙන් නඩුව විභාගයට ගන්නා ලදී.

දැරියට අතවරයක්‌ සිදු වී ඇතැයි කළුතර නාගොඩ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් කුමාර මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුවරයා මෙම සිද්ධිය මුළු මහත් ලෝකයාම අප්‍රසන්නතාවට පත්කරන පිළිකුල් ක්‍රියාවක්‌ බව විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

දඩ මුදල හා වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට වසර තුනක සැහැල්ලු සිරදඬුවමක්‌ නියම කරන ලදී.

රජයේ නීතිඥ නදී අපර්ණා සුවන්දුරුගම මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර පත්කළ නීතිඥ වයි. ජාගොඩ මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.



මාස 11 ක්‌ වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක්‌ සිදුකළ තරුණයකු චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 20 ක බරපතළ සිරදඬුවමක්‌ සහ රුපියල් 20,000 ක දඩයක්‌ නියම කළේය.

දඩ මුදලට සහ සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ අටක මුදලක්‌ ගෙවන ලෙස ද චූදිතට නියෝග කෙරිණි.

මෙහි චූදිත වූයේ බේරුවල පදිංචි අහමඩ් ධීරා අබ්දුල් හසන් නමැත්තෙකි.

නඩු විභාගය ආරම්භයේදීම චූදිත චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කළෙන් නඩුව විභාගයට ගන්නා ලදී.

දැරියට අතවරයක්‌ සිදු වී ඇතැයි කළුතර නාගොඩ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් කුමාර මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුවරයා මෙම සිද්ධිය මුළු මහත් ලෝකයාම අප්‍රසන්නතාවට පත්කරන පිළිකුල් ක්‍රියාවක්‌ බව විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

දඩ මුදල හා වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට වසර තුනක සැහැල්ලු සිරදඬුවමක්‌ නියම කරන ලදී.

රජයේ නීතිඥ නදී අපර්ණා සුවන්දුරුගම මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර පත්කළ නීතිඥ වයි. ජාගොඩ මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.

Friday, March 29, 2013

Pawasa News අඩවියෙන් ආදරණීය කිතු බැතිමතුන්ට ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයකට සුභපැතුම්

MAHASIKU
කිතුනු බැතිමතුන්ගේ දින දර්ශනයේ වඩාත්ම වැදගත් උත්සවය වන පාස්කුව අද (29) ලොව පුරා සැමරේ.
ජේසු ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමෙන් මරණයට පත්වී තෙදිනකට පසු මළවුන්ගේ නැගිටීමේ දිනය සමරන පාස්කු මංගල්‍යය, මරණය පරාජය කොට මනුෂ්‍ය වර්ගයාට නව්‍යවීමේ, උද්යෝගයේ සහ බලාපොරොත්තුවේ සැබෑ අර්ථය අවබෝධ කර ගැනීම සංකේතවත් කෙරේ.
පාස්කු මංගල්‍යයේ නව්‍යවීමේ හැඟීම දයාව හා අවබෝධය යන ජේසු ක්‍රිස්තූන්ගේ ඉගැන්වීම් ලොවට රැගෙන යාමට මහෝපකාරී වේ. එය වර්තමානයේදී පරිසරය සුරැකීමේ ශක්තිමත් පණිවුඩය සමඟින් සොබාදහමේ සියලු දෙනා වෙත ළඟා වේ.
ලොව බොහෝ ප්‍රදේශවල ජනතාව හා ජාතීන් අතර ගැටුම් පවත්නා තත්ත්වයක් තුළ පාස්කුවේ දී සිහිපත් කෙරෙන ක්‍රිස්තියානි ඉගැන්වීම් වන දයාව හා ක්ෂමාව, ගැටුම් මැඩ පැවැත්වීමට උපයෝගී කර ගත හැකි ශිෂ්ට අගයයන්ට ගරු කිරීමේ හා ඉවසීම ළඟා කර ගැනීමට බොහෝ සේ දායක කර ගත හැක. අප රට තුළ ද එකමුතු ජාතියක් ලෙස අපට අවශ්‍ය සංහිඳියාව ළඟා කර ගැනීමට මෙම ඉවසීම පිළිබඳ කිතුනු හරය බොහෝ සේ උපයෝගී වනු ඇත.
Pawasa News වෙබ් අඩවිය අපේ ආදරණීය කිතු බැතිමතුන්ට ප්‍රීතිමත් හා සාමකාමී පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.

මන්ත්‍රි හසිත මරන්න ගිනි අවිය දී තිබෙන්නේ මර්වින්ගේ ලේකම් "සිංගපුර් සරත්" ගේ පුතාලු


hasi3කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි හසිත කැලුම් මඩවල මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය ඝාතකයාට ලබාදී ඇත්තේ නඩුවේ හතර වැනි විත්තිකරු වන මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයකුව සිටි ‍ෙදාන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත්ගේ පුත්‍රයා වන ‍ෙදාන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28දා) අධිකරණයට දැන්වීය.
රහස් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා වැඩිදුරටත් වාර්තාවක් ගොනුකර අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව පැවැසීය.
මේ ඝාතනය සම්බන්ධව අංක 656/1, බෞද්ධ මධ්‍යස්ථාන පාර, සිංහාරමුල්ල, කැලණිය යන ලිපිනයෙහි පදිංචි එරන්ද ප්‍රසාද් ජයමාන්න මහතා ඉකුත් ජනවාරි 5 වැනි දින කළ පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයාගේ නියෝගය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
මඩවල මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකුව සිටි සුපීර් රංගන කුමාර පෙරේරා ඇතුළු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකුව සිටි ‍ෙදාන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත්, සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ විදාන පතිරණලාගේ සමන් නිසාමන්, අශෝක හේමන්ත කුමාර පෙරේරා, විරසේකරලාගේ අශේන් චතුරංග යන සැකකරුවන් ඊයේ (28දා) බන්ධනාගාරය මගින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පළමුවැනි සහ තුන්වැනි සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ පදනම් කරගෙන විමර්ශන සිදුකළ බවත් ඒ අනුව 2012.12.22 වැනි දින විදේශ ගතවී ඇති ‍ෙදාන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ නමැති අය විදේශ ගතවීමට පෙර මේ ගිනි අවිය පළමුවැනි විත්තිකරු වන සපීර් රංග කුමාර් පෙරේරා යන අයට ලබාදී ඇති බව අනාවරණය කර ගෙන ඇති බව රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කෙළේය.
පළමුවැනි විත්තිකරු වන සුපීර් රංග පෙරේරා මේ ඝාතනය ස¼දහා යොදා ගෙන ඇති අංක ඩබ්ලිව්.පී.එම්.ඩී. 7047 දරන බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියේ අංක තහඩු ඝාතනයට පැමිණෙන අවස්ථාවේ අංකය නොපෙනෙන ලෙසත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙසත් නවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකණයට දැනුම් දුන්නේය.
දිවුරුම් ප්‍රකාශයක් සමඟ එම අංක තහඩු අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් අංක තහඩු විකෘති වීම සම්බන්ධව වාර්තාවක් ලබාගැනීමට අධිකරණයේ අවසර ලබා ගත්තේය.
මේ නඩුවට අදාළ දැනට විදේශ ගතව සිටින හෝ ලංකාවට පැමිණ සිටින ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ නමැති අය ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය හෙයින් නැවත විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ලබාදෙන ලෙස රහස් පොලිස් නිලධාරි අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය තම සේවාදායකයන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා චෙක්පත් අස්සන් කිරීමට අධිකරණය මෙතෙක් ලබාදුන් සහනය අද දිනද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසරය ලබාදී රහස් පොලිසිය ඉදිරියේ චෙක්පත් අත්සන් කර අධිකරණයට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට පොලිසියට නියම කෙළේය.
මීට පෙර නඩු වාරයේදී අත්සන් කළ චෙක්පත් වාර්තා රහස් පොලිසිය මගින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙළේය.
පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා මේ නඩුවේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර පැමිණිල්ල ගොනුකරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කරන ලෙස කරන එකම ඉල්ලීම බව අධිකරණයට දැන්වීය.
ඒ අනුව නඩුවට අදාළ වාර්තා ලැබුණ විගස පැමිණිල්ල ගොනු කිරීමට රහස් පොලිසියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා සැකකරුවන් තවදුරටත් ලබන අප්‍රේල් 8 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙළේය. පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ, පොලිස් සැරයන් ජේ.එම්. සෝමරත්න (15042) යන නිලධාරීහු පෙනී සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා, තේජාන් කෝරලගේ, කැලුම් කුමාරසිංහ සහ රාජිකා ද සිල්වා ඇතුළු නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපුල් දේශප්‍රිය, සිසිර ජයකොඩි සහ දේශාල් පෝල් යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

"මාතලෙන් හමුවූ සමහර මිනී ඔලු වලට පරාල ඇන ගහලා" - පුබුදු ජයගොඩ


atasakiliමාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පුබුදු ජයගොඩ මහතා ..
‘‘මාතලේ විජය විද්‍යාලයේ එවකට පැවති ආණ්ඩුවේ සහාය ඇතිව වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ සමූහ මිනීවල හමු වෙලා තිබෙන්නේ ඊට ආසන්නයේ තිබී. ඒ වගේම, අධිකරණය විසින් කරන ලද පරීක්ෂණයේදී එම මළ සිරුරු 1985-1990 කාලයට අයත් බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම, හිසට පරාල ඇණ ගැසූ බවට සලකුණු, අත් පා ආයුධවලින් පහර දී වෙන් කළ බවට සලකුණු, දරුණු වධ බන්ධනයන්ට ලක් කළ බවට සලකුණු තිබෙන බව වාර්තා වී තිබෙනවා.
අද අපි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ, මෙහිදී මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවී තිබෙන බව ප‍්‍රකාශයට පත් කළ යුතුයි. ඒ වගේම මේ සිද්ධිය සම්බයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මීට වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයි. ඒ වගේම මිය ගිය අයට සාධාරණය ඉටු කළ හැක්කේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු වීමට ඉඩ නොතැබීමෙන්. ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගත යුතුයි.මේ සම්බන්ධයෙන් මාතලේ වධකාගාරයේදී ඝාතනයට ලක් වූවන්ගේ දෙමාපියන්, ඥාතීන් සමග අධිකරණය හමුවට යාමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලාපොරොත්තු වෙනවා.’’
එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් පියතිස්ස , නීතිඥ රෙක්සි පියදාස, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ අචල කුමාරසිරි සහ නීතිඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.

ලංකාවේ "ලව්" කරලා බඳින අය % 58ක් දික්කසාද වෙනව ලු


divorce-1කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් විවාහකයන්ගේ පවුල් ජීවිතය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධතා මත විවාහ වන අයගෙන් සියයට 58ක් දික්කසාද වන බවයි.
මවුපිය කැමැත්ත හා ආශිර්වාද මත විවාහ වන අයගෙන් දික්කසාද වන්නේ සියයට 42ක් පමණක් බව ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
මෙලෙස දික්කසාද වන අයගෙන් සියයට 45ක් වෙන්වීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ තම සැමියාගේ හෝ බිරියගේ අදහස් නො ගැළපීමයි. කාන්තාවන් සියයට 27ක් දික්කසාද වී ඇත්තේ තම සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව පවසමිනි.
අනියම් සබඳතා ඇතැයි පවසමින් සියයට 15ක් දික්කසාද වී ඇතැයි පවසන මහාචාර්යවරිය නැන්දා – ලේලි ගැටුම්වලින් සියයට 9ක් දික්කසාද වී ඇති බව ද පැවැසුවා ය.
ඥාතීන්ගෙන් ඇතිවන ගැටලූ, ආර්ථික ප‍්‍රශ්න ආදී හේතු නිසා දික්කසාද වී ඇත්තේ සියයට 6ක් තරම් සුළු ප‍්‍රතිශතයක් බව ද  ඕ කීවා ය.
පවුල් ආරවුල් ඇතිවීම හා දික්කසාද සිදුවීම කෙරෙහි ආර්ථික ගැටලූ ප‍්‍රධාන හේතුවක් බවට සමාජ මතයක් පැවැතියත් මෙම සමීක්ෂණයෙන් එම මතය අසත්‍යයක් බව තහවුරු වූ බව ද මහාචාර්යවරිය පැවැසුවා ය.

රූපලාවණ්‍ය ශිල්පියෙක් ෆේෂල් එකට ආ මවගේ ඇස් වසා ගන්න කියා 13 දියණියගේ ලැම අත ගාලා..


bresttouchෆේෂල් එකක් කර ගැනීම සදහා තම දියණියත් සමඟ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකගේ ෆේෂල් එක කරනා අතරතුර ඇගේ 13 හැවිරිදි දියණියගේ ශරීරය අතපතගාමින් ලිංගික සුවයක් ලබාගැනීමට ගිය රූපලාවණ්‍යාගාර හිමිකරු‍වෙකු මොරටුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව මෝදර වටරවුමට නුදුරින් පිහිටා ඇති මෙම සැලොන් එක කරගෙන යනු ලබන්නේ අඹු සැමි යුවළක් විසිනි. මෙහි බොහොමයක් රූපලාවණ්‍ය කටයුතු කරනුයේ කාන්තාව වන අතර ඇය නොමැති වූ අවස්ථාවලදී පුරුෂයා විසින් රූපලාවණ්‍ය කටයුතු කරනු ලබයි.
පසුගිය 16 වැනි දින මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම ස්ථානයට ‍ගොස් ඇත්‍තේ ෆේෂල් එකක් කරගැනීමටය. ඇයට ‍ෆේෂල් කරන  අතරතුර ඇ‍‍ගේ දියණිය ඇය ඉදිරිපිට පුටුවක වාඩි වී තම මව දෙස බලාගෙන සිට ඇත.
සැ‍ලෝන් හිමියා ෆේෂල් එක අතරතුර මවට විනාඩි 20ක් ඇස් පියාගෙන ඉඳීමට සලස්වා ඉන් පසු දියණිය ඉඳගෙන සිටි ස්ථානයට පැමිණ ඇගේ ගවුම අතරින් අත දමා ළැම පෙදෙස ස්පර්ශ කිරීමට පටන්ගෙන ඇති අතර පසුව ඔහුගේ ලිංගික අවයවයද එම දැරියට පෙන්වා ඇති බව පොලිසිය පවසයි.
එයින් කලබලයට පත්වූ දැරිය “ගෙදර යමු අම්මේ” කියා කෑගැසීමෙන් අනතුරුව මව අවදිව ළමයාද රැගෙන එම ස්ථානයෙන් එළියට පැමිණ ඇති අතර එහිදී කුමක් සිදුවුණේ දැයි ප්‍රශ්න කිරීමේදී දැරිය සිද්ධිය තම මවට ප්‍රකාශ කර ඇත. කාන්තාව විසින් තම දියණියට වූ ඇබැද්දිය මොරටුව, මෝදර පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මිහින්තලේ හොර කච්චේරියක් මාට්ටු




මිහින්තලය ප‍්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය වයෝවෘද්ධ 68 හැවිරිදි පුද්ගලයෙකු හා 62 හැවිරිදි පුද්ගලයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා විශාල ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වු එක් පුද්ගලයෙකු අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යාල සහයෙකු වශයෙන් සේවය කර ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර නගරයේ පවත්වාගෙන යන ප‍්‍රසිද්ධ රක්‍ෂණ සමාගමක අලෙවි නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන අයෙකි. සැකකරුවන්ගෙන් එක් අයෙකු අනුරාධපුර ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා වේලන්කුලම මිහින්තලය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අනුරාධපුර මහනගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහතා අනුරාධපුර ප‍්‍රදේශයභාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලබාදුන් තොරතුරකට අනුවයි. අනුරාධපුර මහනගර සභාවේ සුලු සේවිකාවක් වශයෙන් සේවය කරන තැනැත්තියකගේ සැමියාගේ මව මිය යාමෙන් අනතුරුව නගර සභාවේ සුබසාධන සමිතියක් මගින් ලබාදෙන මුදලක් ලබා ගැනීමට සේවිකාව පැමිණ ඇති අතර ඇයට එම මුදල ලබා ගැනීමට අවශ්‍ය උප්පැන්න සහතික පරික්‍ෂා කර බැලීමේ දී එහි නම් වල අඩුපාඩු පැවතීම හේතුවෙන් සුබසාධන සමිතියේ නිලධාරීන් නිවරදි නම් සහිත උප්පැන්න සහතික රැගෙන එන ලෙස දන්වා ඇත. ඒ අනුව සුලු සේවිකාව මෙම පුද්ගලයන්ගෙන් රුපියල් 1500 ක මුදලක් ලබා දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකසාගෙන එය සුබ සාධන සමිතියට ඉදිරිපත් කර ඇත.

එම උප්පැන්න සහතික පරික්‍ෂා කර බලද්දී එහි අනු අංකයෙන් ව්‍යාජ එකක් බව හඳුනාගත් සුබ සාධන සමිතියේ නිලධාරීන් ඒ බව නාගරික කොමසාරිස්වරයාට දන්වා ඇත. ඒ අනුව නාගරික කොමසාරිස්වරයා පොලිස් අධිකාරිවරයාට කළ දැන්වීමෙන් අනතුරුව සුලු සේවිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප‍්‍රශ්න කර ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පදිංචි ලිපි ලේඛන සැකසු පුද්ගලයාව දුරකථන ඇමතුමක් ලබාදී අනුරාධපුර නගරයට ගෙන්වා සුක්‍ෂම ලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අනතුරුව මෙම ලේඛන වලට රජයේ නිලධාරීන්ගේ මුද්‍රා තබන පුද්ගලයා මිහින්තලය ප‍්‍රදේශයේ ඔහුට අයත් නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලග තිබී රබර් මුද්‍රා විශාල ප‍්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇත. හිටපු කාර්යාල කාර්ය සහයකයාගෙන් කල ප‍්‍රශ්න කිරිම් වලදී පවසා ඇත්තේ රබර් මුද්‍රා විනාශ කිරීම සඳහා ආයතනයෙන් ඉවත් කරන අවස්ථාවේ ඒවා සොරකම්කරගෙන ගොස් ළඟ තබාගත් බවයි.
සැකකරුවන් දෙදෙනා ළඟ තිබී ජාතික හැදුණුම්පත් වල පිටපත් ,උප්පැන්න ලේඛන, උප්පැන්න පිටපත්, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ලේඛන, ශ‍්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ලේඛන, ශිෂ්‍ය කාර්ය දර්ශන, උප්පැන්න සහතික ඉල්ලුම්පත්, ප‍්‍රතිඵල සටහන්, මොරටුව අතිරේක දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර් එස්. රණවීර හා අනුරාධපුර අතිරේක දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර් ආර්.පී ගුණසේන යන මහත්වරුන්ගේ නිළ මුද්‍රාල ඉසුරුමුණිය විදුහලේ විදුහල්පතිගේ නිළ මුද්‍රාව හා තිඹිරිගස්යාය කොළඹ හබරාදුව නුවර එළිය ඇතුලු ප‍්‍රදේශ ගණනාවක අංක සහිත රබර් මුද්‍රා තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා කාලාන්තරයක් තිස්සේ මෙම ජාවාරෙමී නිරත වි ඇති බවත් එක් අයෙකුට ලේඛනයක් නිකුත් කිරීම සදහා රුපියල් 1500 ක මුදලක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද(29) අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි.

එළවළු කිලෝ හතලිස් දාහක් කැළේට -----------------දඹුළු ගොවියා යළිත් කබලෙන් ලිපට...........

දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
කීයකටවත් විකුණා ගැනීමට නොහැකියව විසිකළ එළවළු අතර වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු ආදිය වෙයි. මේ හැම එළවළු වර්ගයකම මිල රුපියල් දහයට අඩු විය.
ඇතැම් ගොවීහු කිලෝ පනහේ බණ්ඩක්කා ගෝනිය රුපියල් සියයකට විකුණූහ.
කිලෝ හැටේ කැකිරි ගෝනිය ද විකුණා දැමුනේ රුපියල් සියයකට ය.
බොහෝ ගොවීනට ප්‍රවාහන ගාස්තුවත් සොයා ගත නොහැකි විය. පහතරට එළවළු විශාල වශයෙන් වැවීම නිසා මේ තත්ත්වය ඇති වූ බව ආර්ථි කලාප නිලධරයෝ කියති. කැකිරි කිලෝ දහසක් ගෙන ආ ගොවියකුට ඔහුගේ ගනුදෙනු කාර ව්‍යාපාරික අයි ජී විජේනන්ද මහතා රුපියල් තුන බැගින් ගෙවා එම කැකිරි කුණුගොඩට විසි කළේය.
දුරින් ගෙන ආ කැකිරි එසේ කැළයට විසි කළත් ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් කඩවල කැකිරි කිලෝව රුපියල් හයක් විය. යාබද කඩේ කැකිරි කිලෝව විස්සකි.

Thursday, March 28, 2013

කටුගෙයි අනතුරින් 37කට තුවාල ....... තරප්පුවට 150ක් නැගලා

මහනුවර,මිද්දෙනිය හා වැලිමඩ පාසල් තුනකින් කොළඹ කටුගේ බලන්නට ආ සිසුන් 28 දෙනකු ද, ගුරුවරුන් පස් දෙනකු ද, මාපියන් සිව් දෙනකු ද, සුළු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. ලී පියගැට පෙළක් නගිද්දී මේ අනතුර සිදුවී ඇත. ගිරියාගම ප්‍රථමික විදුහල, වැලිමඩ සුමනජෝති විදුහල හා මිද්දෙණිය දඹරැල්ල විදුහල්වල සිසුහු තුවාල ලබා සිටිති.

දූෂණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් .......



රාජගිරිය සිට පාර්ලිමේන්තුව දක්වා දිවෙන මර්ගයේ දියවන්නා ඔය අසල ඉදිකර ඇති නිවස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් ඉදිකර නාගරික සංවර්ධන අමාත්‍යංශයට භාරදුන් කෙසෙල් කොළය හැඩැති බස් නැවතුම ඉදිකිරිමෙදි සිදු වී ඇති දූෂණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා (27වන දින )එ.ජා.ප පර්ලිමෙන්තු මන්ත්‍රි රවී කරුණානායක හා නීතිඥ නාමල් රාජපක්ෂ යන මහතුන් අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිනි අයුරු

දැයට කිරුළෙන් ලක්ෂ 390ක් වංචා කරලා

විදුලි සන්දේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය විසින් අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් සඳහා වෙන්කරන ලද මුදලින් රුපියල් ලක්‍ෂ තුන්සිය අනූවක් එහි අතිරේක ලේකම්වරියක වංචා කළ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව රහස් පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත (27දා) කරුණු වාර්තා කර තිබේ.

විදුලි සන්දේශ හා තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් හෙන්නායක මුදියන්සේලාගේ ගුණසේකර විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව පැමිණිල්ලක් කිරීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කර ඇත.අම්පාර හාඩි තාක්‍ෂණික ආයතන භූමියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා වැසිකිළි හාරසිය අනූවක්, ආපන ශාලාවක් සහ කියැවීම් ශාලාවක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මේ මිලියන තිස් නවයක මුදල අතිරේක ලේකම්වරිය විසින් වංචාකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
Target-news ~ දැයට කිරුළෙන් ලක්ෂ 390ක් වංචා කරලා

විදුලි සන්දේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය විසින් අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් සඳහා වෙන්කරන ලද මුදලින් රුපියල් ලක්‍ෂ තුන්සිය අනූවක් එහි අතිරේක ලේකම්වරියක වංචා කළ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව රහස් පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත (27දා) කරුණු වාර්තා කර තිබේ.

විදුලි සන්දේශ හා තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් හෙන්නායක මුදියන්සේලාගේ ගුණසේකර විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව පැමිණිල්ලක් කිරීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කර ඇත.අම්පාර හාඩි තාක්‍ෂණික ආයතන භූමියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා වැසිකිළි හාරසිය අනූවක්, ආපන ශාලාවක් සහ කියැවීම් ශාලාවක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මේ මිලියන තිස් නවයක මුදල අතිරේක ලේකම්වරිය විසින් වංචාකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පහත දැක්වෙන පසුගිය පුවත් සදහා ඔබ කැමති දැයි බලන්න

Wednesday, March 27, 2013

සෞදියේ ස්කයිප් තහනමින් ශ‍්‍රී ලාංකිකයින්ට කනේ පාරක්


skyopස්කයිප්
, වයිබර් සහ වට්ස් ඇප් වැනි සන්නිවේදන මෘදුකාංග තහනම් කිරීමට සෞදි අරාබියේ සුදානම් වීම හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයින්ට දැඩි අපහසුතා සිදුවනු ඇතැයි පැවසේ. ජාතික ආරක්‍ෂාව සහ සදාචාරය තර්ජනයට ලක්වන බව පවසා මේ තීරණය එරට ගන්නට යනබව පැවසේ. සෞදි අරාබියේ සිටින ශ‍්‍රී ලාංකිකයින් බහුතරයක් මෙරට සිටින ඥාතීන් සමඟ තොරතුරු හුවමාරු කර ගන්නේ එම මෘදුකාංග හරහාය.දුරකථන ඇමතුමක් ලබාදීමට වඩා ඊට වැය වන මුදල  ඉතා අඩුවීම ඊට හේතුවක් වේ.

ශ‍්‍රී ලංකාවේ සිට සෞදි අරාබියට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා විනාඩියකට රුපියල් 15කට වැඩි මුදලක් වැය වන අතර සෞදි අරාබියේ සිට ශ‍්‍රී ලංකාවට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා විනාඩියකට රුපියල්  30 - 50ත් අතර මුදලක් වැය වන බව පැවසේ. 

සිංහල අවුරුද්දට විකුණන්න බොදු සංඛේත දැමූ යට ඇඳුම්


mbybh-po-m1fබුදු දහමට නිගරු වන පරිදි බෞද්ධ සංකේත යොදන ලද පිරිමි යට ඇඳුම් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (26) මහරගම දී අත්අඩංගුවට ගෙන ඇත. බොදුබල සේනා සංවිධානයේ හිමිනමකට ලැබුණු ඔත්තුවකට අනුව උන්වහන්සේ පොලිසියට කළ පැමිණිල්ලෙන් පසු මහරගම පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ පරික්ෂණ කර ඇත.
  මහරගම ඔරලෝසු කණුව අසල ව්යාසපාරික ස්ථානයක තිබී එවන් ඇඳුම් 7 ක් සොයා ගෙන ඇත. ප්රණශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ අලෙවි කරමින් සිටි පුද්ගලයා පානදුර පදිංචි 21 හැවිරිදි අන්යාඔගමිකයෙක් බවය. පොලිස් ප්රලශ්න කිරීම්වලදී පොලිසියට පවසා ඇත්තේ එම ඇඳුම් ඔහුට ලබා දෙන්නේ මහරගම ව්යාමපාරිකයෙකු බවයි. ඒ අනුව පොලිසිය මහරගම එම ව්යානපාරික ස්ථානය පරික්ෂා කිරීමේදී බෞද්ධාගමට අපහස වන අන්දමේ සංකේත යොදා තිබූ යට ඇඳුම් 21 ක් සොයා ගැනීමට හැකිවී ඇත. මෙම ඇඳුම් ඉදිරියේදි එන සංහල අළුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීමට සකස් කර තිබූ ඒවා බව හෙළිවී ඇත. එම පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහරගම පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

මහ මුහුදේදී දරුවන් බේරා ගත් මෙහෙයුම



ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වන්නට ට්‍රෝලරයකින් යද්දී අත්අඩංගුවට පත් දරුවන් නාවික හමුදාව විසින් (27දා) ගලවාගත් අයුරු. මෙම ට්‍රෝලරයේ දරුවන්,පිරිමින් සහ කාන්තාවන් 97 ක් සිටියහ. සියලු දෙනා දෙමළ ජාතිකයන් වෙති
Target-news - NAVY ARREST 97 PERSONS ATTEMPTING TO SAIL TO AUSTRALIA                     
මහ මුහුදේදී දරුවන් බේරා ගත් මෙහෙයුම

ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වන්නට ට්‍රෝලරයකින් යද්දී අත්අඩංගුවට පත් දරුවන් නාවික හමුදාව විසින්  (27දා) ගලවාගත් අයුරු. මෙම ට්‍රෝලරයේ දරුවන්,පිරිමින් සහ කාන්තාවන් 97 ක් සිටියහ. සියලු දෙනා දෙමළ ජාතිකයන් වෙති.


The Navy intercepted and arrested 97 persons off the coast of the Oluvil area early this morning (March 27) attempting to illegally travel to Australia, Navy Spokesman Commander Kosala Warnakulasuriya stated.
 
The Spokesman that 39 of the arrested persons were male while 18 females and 40 children were among the group.
 
The arrested group are currently being held at the Oluvil harbour while they will be handed over to the Criminal Investigation Department for further investigations to be conducted.                         

Anura S. Liyanage Target-news -March 27, 2013

SMS ගැන පොලිසියෙන් අවවාදයක් ................... ජාතිවාදය හා ආගම්වාද ය ඇවිසුවොත් වැඩ වරදී

මහජනයා තුල ජාතිවාදී හා ආගම්වාදී හැගීම් අවුස්සා ඔවුන් කුපිත කරන ආකාරයේ කෙටි පණිවුඩ මුදා හරින බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරු අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදුකරගෙන යනු ලබන බවත් මහජන කැලඹීම් ඇති කිරිමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව වහාම පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන් ලෙසද පොලිස් මුලස්ථානය දැනුම්දි සිටි.

දැනටමත් එක් බෞද්ධ පුද්ගලයකු හා තවත් මුස්ලිම් පුද්ගලයකු එලෙස කෙටි පණිඩුව යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර. මෙයට සම්බන්ධ අනිකුත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවෙමින් පවති. තවද ආගම්වාදි හා ජාතිවාදි හැගීම් ඇවිස්සෙන ආකාරයට කෙටි පණිවුඩ සකස් කර මුදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නුතන තාක්ෂණ ක‍්‍රම උපයෝගි කර ගනිමින් විශේෂ වැඩපිළිවෙලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

මහජනයා තුළ ජාතිවාදි සහ ආගම්වාදී හැගීම් අවුස්සවා ඔවුන් කුපිත කර. ජාතීන් අතරෙහි නොසන්සුන්තා ඇති කිරිමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කරන බව මහජනයා වෙත දන්වා සිටින අතර. මෙවැනි ක‍්‍රම භාවිතා කරමින් මහජන කැලඹීම් ඇති කිරිමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටිමි.

011 2320145
011 2320141

Target-news ~ SMS ගැන පොලිසියෙන් අවවාදයක් ...................                                    ------------------ ජාතිවාදය හා ආගම්වාද ය ඇවිසුවොත් වැඩ වරදී                                           
REPORT SMSS PROVOKING RELIGIOUS SENTIMENTS - POLICE

numbers 011-2320145 and 011-2320141. 

මහජනයා තුල ජාතිවාදී හා ආගම්වාදී හැගීම් අවුස්සා ඔවුන් කුපිත කරන ආකාරයේ කෙටි පණිවුඩ මුදා හරින බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරු අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදුකරගෙන යනු ලබන බවත් මහජන කැලඹීම් ඇති කිරිමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව වහාම පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන් ලෙසද පොලිස් මුලස්ථානය දැනුම්දි සිටි.

දැනටමත් එක් බෞද්ධ පුද්ගලයකු හා තවත් මුස්ලිම් පුද්ගලයකු එලෙස කෙටි පණිඩුව යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර. මෙයට සම්බන්ධ අනිකුත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවෙමින් පවති. තවද ආගම්වාදි හා ජාතිවාදි හැගීම් ඇවිස්සෙන ආකාරයට කෙටි පණිවුඩ සකස් කර මුදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නුතන තාක්ෂණ ක‍්‍රම උපයෝගි කර ගනිමින් විශේෂ වැඩපිළිවෙලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

මහජනයා තුළ ජාතිවාදි සහ ආගම්වාදී හැගීම් අවුස්සවා ඔවුන් කුපිත කර. ජාතීන් අතරෙහි නොසන්සුන්තා ඇති කිරිමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කරන බව මහජනයා වෙත දන්වා සිටින අතර. මෙවැනි ක‍්‍රම භාවිතා කරමින් මහජන කැලඹීම් ඇති කිරිමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටිමි.

011 2320145
011 2320141                                                                                                                                                       

Police Headquarters requests public to report any text messages (SMS) provoking racial or religious sentiments to the telephone numbers 011-2320145 and 011-2320141.                                                   

Anura S. Liyanage Target-news ~ Wednesday, 27 March 2013

රනිල් කිරිබත්ගොඩ

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරක් කිරිබත්ගොඩ මංසන්ධියේදී එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්විණි.
විපක්ෂ නායකවරයා කිරිබත්ගොඩ නගරයේ කඩ සාප්පුවලට ගොස් සාමාජිකයන් බඳවාගත්තේය.
පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රුවන් විජයවර්ධන, ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද සහභාගී වූහ.

‘ශිෂ්ට ඇඳුමින් උසාවි එන්න‘ හිරුණිකාට අවවාද

උසාවි එන විට ශිෂ්ට සමිපන්න ඇදුමින් සැරැසී එන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මතාගේ දියණිය හිරුණිකාට අද අවවාද කළාය.
හිරුණිකා ලා රෝස පාට ලිනන් කුර්තාවක් හා කලිසමක් ඇඳ සිටියාය.
බොරුල්ලේ කිංසි පාරේ ව්‍යාපාරික ස්ථානයකට බලෙන් ඇතුළු වී ව්‍යාපාරිකයාට තර්ජන කළැයි ඇය අතුළු සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කළාය.
කසුන් සම්පත් , නිලූක දර්ශන, මුදිත ආර් බණ්ඩාර හා චමිල ප්‍රියංකර ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත් සමථ මණ්ඩල වාර්තාව ලබන ජුලි 31 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.

“චෙන්නායි විරෝධය කණගාටුදායකයි“ - මුරලි



'IPL යන්න එපා' - අර්ජුන රණතුංග

ශ්‍රිලංකාවට මිතුරන් ලෙස සලකන්න එපා- ජයලලිතා රජයට කියයි

මුදලට වඩා ගෞරවය ගැන සිතා IPL තරග සියල්ලම වර්ජනය කරන්නැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ඉල්ලයි.
රටේ එක් ප්‍රාන්තයක් පිළිගැනීමට අකමැතිනම් අනෙක් ප්‍රාන්ත වල පමණක් ක්‍රිඩා කිරිම මුදලට යට වීමක් බව අර්ජුන රණතුංග මහතාගේ අදහසයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නාහි පැවැත්වෙන තරග වලට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉඩ ලබා නොදිම සම්බන්ධයෙන් Indian Express පුවත්පත වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේ බව පලකර සිටියි.

ඉන්දීය ප්‍රිමිය ලීග් තරග සදහා තමිල්නාඩුවේ විරෝධය පල වීමත් සමග එම ප්‍රාන්තයට අයත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන නුවන් කුලසේකර සහ අකිල ධනංජය කණ්ඩායමෙන් ඉවත් කිරිමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.




ලංකාවේ දෙමළ වැසියන්ට අසාධාරණයක් නැහැ - Muttiah Muralitharan

අයි.පී.එල් චෙන්නායි තරගවලින් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් ඉවත් කිරීම ක‍්‍රිඩාවේ නාමයෙන් කණගාටුවට කරුණක් බව ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවු විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් පවසනවා.

එන්.ඞී.ටී.වී ප‍්‍රවෘත්ති සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ අවසර ලැබෙන්නේ නම් චෙන්නායි හී ක‍්‍රිඩා කිරීම තමන්ට ගැටළුවක් නොවන බවයි. ඉන්දියාවේ සෙසු ප‍්‍රදේශවල පැවැත්වෙන අයි.පී.එල් තරග සඳහා සහභාගි විමට අවහිරයක් නොමැති බවද ඉහල කැමැත්තකින් එම තරගවලට සහභාගි වන බව ද මුත්තයියා මුරලිදරන් කියා සිටියා.තමිල්නාඩුවේ උග‍්‍රවන ශ‍්‍රී ලංකා විරෝධය සාධාරණ එකක් දැයි මෙම සංවාදය මෙහෙයවු මාධ්‍යවේදියා මුරලිදරන්ගෙන් ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් මුරලිදරන් කියා සිටියේ උද්ඝෝෂකයින් පෙන්වා දෙන ආකාරයේ අසාධාරණයක් ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට සිදු නොවන බවයි. ශ්‍රිලංකාව මිතුරු රටක් ලෙස සැලකීමේ ප්‍රතිපත්තියෙන් ඉන්දීය මධ්‍යම රජය බැහැරවිය යුතු බව තමිල්නාඩුව අවධාරණය කරයි.
අද තමිල්නාඩු රාජ්‍ය සභාව රැස්වී ඉන්දීය මධ්‍යම රජයට භාරදීම සදහා ශ්‍රිලංකාවට එරෙහිව වන යෝජනාවලියක්ද සම්මත කරගෙන තිබේ.මෙම අවස්ථාවෙදී රාජ්‍ය සභාව ඇමතූ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් අවධාරණය කර ඇත්තේ ශ්‍රිලංකාව මිතුරකු සේ සැලකීමේ කාලය අවසන්ව ඇති බවයි.
----------------------------------------------
ශ්‍රිලංකාවට මිතුරන් ලෙස සලකන්න එපා- ජයලලිතා රජයට කියයි

ශ්‍රිලංකාවේ දමිල ජනයාට වෙනම රාජ්‍යයක් සථාපිත කර දීමට ඉන්දීය රජය වහා මැදිහත් විය යුතු බව මෙම යෝජනාවලියේ සදහන් වන බව වාර්තා වෙයි.තවද ශ්‍රිලංකාවේ යුධ අපරාධ වලට එරෙහිව පිලිගත හැකි අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට බලකිරීම සදහා ජාත්‍යන්තරය පෙලඹවීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කල යුතු බව ද මෙම යෝජනාව මගින් ඉල්ලා තිබේ.තවද ශ්‍රිලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටද ඉන්දීය රජය කටයුතු කල යුතු බව මෙම යෝජනාවලියේ සදහන් වෙයි.

ශ්‍රිලංකාවට එරෙහිව තමිල්නාඩුව පුරා විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉදිරි IPL ක්‍රිකට් තරග සදහා ශ්‍රිලංකා ක්‍රීඩකයන් තමිල්නාඩුවට නොඑවන ලෙස ජයලලිතා මීට පෙර ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී තිබේ.මෙම තරගාවලියේ තරග 10ක් පමණ චෙන්නායි හිදි පැවැත්වීමට නියමිත අතර IPL තරග සංවිධායකයින් සහ කණ්ඩායම් හිමිකරුවන් අන්තර්ජාලය ඔස්සේ කළ සාකච්ඡාවලින් පසු ශ්‍රිලාකික ක්‍රිඩකයින්,විනිසුරුවන්,සහ නිලධාරීන් චෙන්නායි හි පැවැත්වෙන IPL තරග සදහා සහභාගි කර නොගැනීමට තීරණය කෙරීණ

Tuesday, March 26, 2013

කල්පිටිය රෝහලේ ඇතැම් හෙදියන් නිල ඇඳුම වෙනුවට මුස්ලිම් ඇඳුම් ඇඳලා



කල්පිටිය රජයේ දිසා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවන් සහ කණිටු සේවිකාවන් කිහිප දෙනෙකු තමන් විසින් ඇඳිය යුතු නීත්‍යානුකූල නිල ඇඳුම් වෙනුවට ෆර්දාව, දිගු කලිසම සහ වේල් එක සහිත මුස්ලිම් සංස්කෘතිය නියෝජනය කෙරෙන ඇඳුමකින් සැරසී රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ විමතියක් සේම අප්‍රසාදයක් ද පැන නැගී තිබේ. රජයේ රෝහල් සේවයේ නියුතු කණිටු කාර්ය මණ්ඩලය සඳහා ද වලංගු සම්මත නිල ඇඳුම් පටිපාටියක් තිබියදී එය මුලුමනින්ම උල්ලංඝනය වන අන්දමින් ආගමික සංස්කෘතික ලක්ෂණ එක් කිරීම සමාජ සමානාත්මතාවය බරපතල අයුරින් උල්ලංඝනය කිරීම යැයි ප්‍රදේශවාසීහු පවසති. සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතුරින් හිස් පළඳනාවක් සඳහා නිල අනුමැතිය ලැබී ඇත්තේ හෙදියන් සඳහා පමණි. එහෙත් සෞඛ්‍ය සේවයට කිසිදු සම්බන්ධකාවයක් නොමැති ආගමික සංස්කෘතික පදනමකින් යුතු නිල ඇඳුමක් මෙලෙස රජයේ සෞඛ්‍ය සේවයට එක් කර ගැනීමෙන් සමස්ථ සෞඛ්‍ය සේවය මෙන්ම රජයේ සම්මත නිල ඇඳුම් පාටිපාටිය ද බරපතල අයුරින් උල්ලංඝනය වන බව මේ සම්බන්ධ අදහස් කරන්නෝ ප්‍රකාශ කරති.

ඉදිරියේදී වෙනස් කිරීමට ලක්වන Facebook පහසුකම්.



1. වෙන් වෙන්ව Comments වලට Reply කිරීමේ හැකියාව pages වලට මෙන්ම profile වලටත්.
2. Chatbox එකේ සංවාදයන් mobile messenger එකේ තිබෙන conversation ආකාරයට වෙනස් වීම.

- මෑතකදී සිදුකල පිරිසකට පමණක් ලැබී නොමැති වෙනස්කම් -

3. Timeline එකේ post එක් තීරයකට පමණක් සහ කුඩා tabs ඇති ආකාරයට වෙනස් වීම.
4. දැනට තිබෙන Newsfeed එක Google+ හි දැකගත හැකි post වෙන් වෙන්ව display වන ආකාරයට වෙනස් කිරීම.

මෙවැනි දේ Display කිරීම සඳහා ඔබගේ WebBrowser එකට විශාල වශයෙන් RAM මතකය අවශ්‍ය වේ. ඉක්මනින් Display වීමට නම් Process කිරීම සඳහා සැලකිය යුතු වේගයකින් යුත් CPU එකක් තිබීම අවශ්‍ය වේ. බොහෝ තැන් වල ඇති (විශේෂයෙන් About පිටුවෙහි) විශාල Thumbnails Load වීම සඳහා වේගවත් සහ දත්ත වැඩි ප්‍රමාණයක් ලැබෙන අන්තර්ජාල සම්බදතාවයක් අවශ්‍ය වේ.

අනෙකුත් ප්‍රයෝජන වලට කෙසේ වෙතත් ගැටලුවකින් තොරව, පරිගණකය තුල සැහැල්ලුවෙන් හා ඉක්මනින් Facebook භාවිතා කිරීමට ඔබ මතු දිනකදී පරිගණකයක් මිලදී ගන්නවා නම් 'අවම වශයෙන්' 2GB RAM, i3 CPU හා 1mbps අන්තර්ජාල සම්බදතාවයක් අවශ්‍ය වේ

අම්පාරේ හර්තාල්.....

අම්පාර දිස්‌ත්‍රික්‌ නින්දවුර්, සායින්දමරුදු, සම්මාන්තුරේ මාලිගයිකාඩු, කල්මුණේ ඉස්‌ලාමාබාත්, නට්‌පීට්‌ටිමුණේ, මරුදමුනේ යන ප්‍රදේශවල ඊයේ (25 දා) ඊයේ හර්තාල් පැවැත්විණි.

හර්තාල් හේතුවෙන් කල්මුණේ නගරයේ සහ කෙළින්වීදියේ කඩ සාප්පු, බැංකු මුළුමනින්ම වසා තිබිණි. කාර්යාල ද අඩක්‌ විවෘත වී තිබුණ අතර මහජනතාවගේ ගැවසීම අවම මට්‌ටමක විය.

නගරයේ වාහන ධාවනය අවම මට්‌ටමක පැවැති අතර වෙළෙඳපොළ ද සියල්ල වසා දමා තිබිණි.

ප්‍රථම වාර පරීක්‍ෂණ ආරම්භ වී ඇති බැවින් පෙ.ව. 11.00 පමණ වනතුරු පාසල විවෘත කර තිබිණි.
පෙළපාලි හෝ රැස්‌වීම් කිසිවක්‌ නොතිබූ අතර හමුදා හා පොලිස්‌ ආරක්‍ෂාව තර කර තිබිණි.

තිස්‌ස බෝගහපැලැස්‌සේ ළමා නිවසේ ළමයින් ලවා මස්‌ කඩයක්‌ කරවයි

තිස්‌සමහාරාම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝගහපැලැස්‌ස ප්‍රදේශයේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන ළමා නිවාසයක දරුවන්ට විවිධ හිරිහැර කරමින් ඔවුන් ලවා ඌරන් හා කුකුළන් වැනි සතුන් මරා දැමීමේ ම්ලේච්ඡ අපරාධයක තොරතරු දැන් හෙළිවී ඇත.

මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස්‌ පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන තිබේ.

සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්‍රදේශවාසීහු  පැවසූහ.

මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී ඇත.

මෙම ළමා නිවාසයේ පාලකයා කියන නිසා මෙම ඌරුකොටු හා කුකුළු කොටුවල වැඩකරන බවත් බෞද්ධ ආගම ඇදහීම තහනම් කර ඇති බවත් ළමා නිවාසයේ දරුවන් ප්‍රදේශවාසීන් හමුවේ පවසා ඇත.

මෙම ළමා නිවාසය පිළිබඳව සොයා බලා මෙම දරුවන්ට වහා රැකවරණ සපයන ලෙස ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

Thursday, March 21, 2013

සක්විතිගේ බාල අපචාරය ගැන නඩුවටත් දින නියම වේ


Sakvithi-Ranasingheමහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකිරීමට සැක පිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සක්විති රණසිංහට විරුද්ධ බාලවයස්කාරියක අපහරණය කිරීම හා දූෂණය කිරීම සම්බන්ධ නඩුව කෙටි මාර්ගයකින් සලකා බැලීමට මැයි 27 දින යළි කැඳවේ. සක්විති රණසිංහ බහු විවාහ චෝදනාවට වරදකරු වී
මේ වන විට සිරඳඩුවම් විදින අතර බහු විවාහ චෝදනාව අධිකරණයට ගොනුකරන ලද්දේ ඔහුගේ පළමු බිරිඳ විසිනි. ඔහුගේ දෙවන බිරිඳ වන කුමාරි අනුරාධිනී නැමැත්තිය විසින් දෙවන නඩුව ඔහුට විරුද්ධව ගොනුකර ඇත. විවෘත අධිකරණයේදී ඔහුට විරුද්ධ චෝදනා කියවා භාරදී ඇත. ඇඟිලි සළකුණු ලබාගැනීමට මෙන්ම ඇපදීම සළකා බැලීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් වාර්තාවක් කැඳවීමට මහාධිකරණය තීරණය කර ඇත.

කැදවුම්කරු දිවි නසා ගැනීම අත්හිටුවයි


kot2කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට එරෙහිව ගසකට නැග දිවි තොරකරගන්නා බවට ප්‍රකාශ කල බවට විදුහල සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු මේ මොහොතේ සිය උද්ඝෝෂණය නතර කොට ඇතැයි වාර්තා වේ. එම ස්ථානයට වැඩම කල පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින් ලබාදුන් පොරොන්දුවක් මත එම තීරණය ගනු ලැබීය. ජනාධිපති වරයා විසින් මේ පිලිබදව අවධානය යොමුකොට අදාල බල්ලීමට සාධාරනයක් ඉටු කරන බවට උන් වහන්සේ පොරොන්දු වීම මත සිය දිවි නසා ගැනීමට ගත් තීරණය වෙනස් කලේය