Thursday, March 14, 2013

බාල තෙල් නැව අත්අඩංගුවට

ත්‍රිකුණාමල වරාය අසල මුහුදේ නැංගුරම්ලා තිබෙන ‘වීනා ලයන්ස් ග්ලොරි’ සමාගමට අයත් වියට්නාම තෙල් නැව වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් මහතා අද (14) නියෝග කළේය. ඇණවුම් කළ තෙල් වෙනුවට ප්‍රමිතියෙන් තොර බාල තෙල් මෙට්‍රික් ටොන් 4500 ගෙන්වා ඇතැයි මූලික රසායනාගාර පරික්ෂණවලින් ඔප්පු වී ඇත. ලංකා ඉන්දියා තෙල් සමාගම වෙනුවෙන් මෙම තෙල් තොගය ඉල්ලුම්කර තිබුණි. නෞකාව මඟින් සිංගප්පූරුවේ සිට තෙල් ගෙන්වා තිබුණි. මෙම බාල තෙල් භාරගත නොහැකි යැයි පවසමින් තෙල් සමාගම නැව් සමාගමෙන් රුපියල් ලක්‍ෂ 25 වන්දියක් ඉල්ලා ඇත.

No comments: