Thursday, March 14, 2013

බඩඉරිඟු අස්වැන්න විකුණ ගන්න බැහැ

ගල්ගමුව, ගිරිබාව ප්‍රදේශයේ මෙවර බඩ ඉරිඟු වගා කළ ගොවීන්ට ඒවා සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි බවට මැසිවිලි නගති. මේ දිනවල අතරමැදි මුදලාලිලා බඩ ඉරිඟු ඇට කිලෝවක් මිළදී ගන්නේ රුපියල් 27 – 30 ක් අතර මිළකටය. සිටුවීම සඳහා ගොවීන් බඩ ඉරිඟු බීජ කිලෝවක් මිළදී ගෙන ඇත්තේ රුපියල් 45 – 48 මිළකටය. දිවුල්ගනේ ප්‍රදේශයේ නෙළන ලද බඩ ඉරිඟු අස්වැන්නක් ඡායාරූපයෙන් දැක්වේ.

No comments: