Friday, March 29, 2013

රූපලාවණ්‍ය ශිල්පියෙක් ෆේෂල් එකට ආ මවගේ ඇස් වසා ගන්න කියා 13 දියණියගේ ලැම අත ගාලා..


bresttouchෆේෂල් එකක් කර ගැනීම සදහා තම දියණියත් සමඟ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකගේ ෆේෂල් එක කරනා අතරතුර ඇගේ 13 හැවිරිදි දියණියගේ ශරීරය අතපතගාමින් ලිංගික සුවයක් ලබාගැනීමට ගිය රූපලාවණ්‍යාගාර හිමිකරු‍වෙකු මොරටුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව මෝදර වටරවුමට නුදුරින් පිහිටා ඇති මෙම සැලොන් එක කරගෙන යනු ලබන්නේ අඹු සැමි යුවළක් විසිනි. මෙහි බොහොමයක් රූපලාවණ්‍ය කටයුතු කරනුයේ කාන්තාව වන අතර ඇය නොමැති වූ අවස්ථාවලදී පුරුෂයා විසින් රූපලාවණ්‍ය කටයුතු කරනු ලබයි.
පසුගිය 16 වැනි දින මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම ස්ථානයට ‍ගොස් ඇත්‍තේ ෆේෂල් එකක් කරගැනීමටය. ඇයට ‍ෆේෂල් කරන  අතරතුර ඇ‍‍ගේ දියණිය ඇය ඉදිරිපිට පුටුවක වාඩි වී තම මව දෙස බලාගෙන සිට ඇත.
සැ‍ලෝන් හිමියා ෆේෂල් එක අතරතුර මවට විනාඩි 20ක් ඇස් පියාගෙන ඉඳීමට සලස්වා ඉන් පසු දියණිය ඉඳගෙන සිටි ස්ථානයට පැමිණ ඇගේ ගවුම අතරින් අත දමා ළැම පෙදෙස ස්පර්ශ කිරීමට පටන්ගෙන ඇති අතර පසුව ඔහුගේ ලිංගික අවයවයද එම දැරියට පෙන්වා ඇති බව පොලිසිය පවසයි.
එයින් කලබලයට පත්වූ දැරිය “ගෙදර යමු අම්මේ” කියා කෑගැසීමෙන් අනතුරුව මව අවදිව ළමයාද රැගෙන එම ස්ථානයෙන් එළියට පැමිණ ඇති අතර එහිදී කුමක් සිදුවුණේ දැයි ප්‍රශ්න කිරීමේදී දැරිය සිද්ධිය තම මවට ප්‍රකාශ කර ඇත. කාන්තාව විසින් තම දියණියට වූ ඇබැද්දිය මොරටුව, මෝදර පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

No comments: