Friday, March 8, 2013

කාන්තා හිංසනට එරෙහිව පාගමනක්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලක් වනිතා ඒකකයේ සභාපතිනි මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ප‍්‍රධාන කාන්තාවන් පිරිසක් කාන්තාවන්ට සිදුවන අතවර හා හිංසා වහා නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා (08දා) මහනුවරදි පාගමනක් හා උද්ඝෝෂණයක් පැවැත්වූහ.

මහනුවර දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් පැමිණි මෙම කාන්තාවන් පිරිස මහනුවර නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසල වට රවුමට පැමිණ දැවැන්ත විරෝධතාවයක යෙදුනහ. ඉන් අනතුරුව කාන්තාවන් සියළු දෙනා එක්ව කාන්තා හිංසනයට විරුද්ධව ස්ටිකර් ඇලවීමද සිදු කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී අංජාන් උම්මා, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීනි චිත‍්‍රා මන්තිලක මහත්මින් ඇතුලු කාන්තාවන් රැසක් සහභාගී වී සිටියහ.

No comments: