Tuesday, March 26, 2013

කල්පිටිය රෝහලේ ඇතැම් හෙදියන් නිල ඇඳුම වෙනුවට මුස්ලිම් ඇඳුම් ඇඳලා



කල්පිටිය රජයේ දිසා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවන් සහ කණිටු සේවිකාවන් කිහිප දෙනෙකු තමන් විසින් ඇඳිය යුතු නීත්‍යානුකූල නිල ඇඳුම් වෙනුවට ෆර්දාව, දිගු කලිසම සහ වේල් එක සහිත මුස්ලිම් සංස්කෘතිය නියෝජනය කෙරෙන ඇඳුමකින් සැරසී රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ විමතියක් සේම අප්‍රසාදයක් ද පැන නැගී තිබේ. රජයේ රෝහල් සේවයේ නියුතු කණිටු කාර්ය මණ්ඩලය සඳහා ද වලංගු සම්මත නිල ඇඳුම් පටිපාටියක් තිබියදී එය මුලුමනින්ම උල්ලංඝනය වන අන්දමින් ආගමික සංස්කෘතික ලක්ෂණ එක් කිරීම සමාජ සමානාත්මතාවය බරපතල අයුරින් උල්ලංඝනය කිරීම යැයි ප්‍රදේශවාසීහු පවසති. සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතුරින් හිස් පළඳනාවක් සඳහා නිල අනුමැතිය ලැබී ඇත්තේ හෙදියන් සඳහා පමණි. එහෙත් සෞඛ්‍ය සේවයට කිසිදු සම්බන්ධකාවයක් නොමැති ආගමික සංස්කෘතික පදනමකින් යුතු නිල ඇඳුමක් මෙලෙස රජයේ සෞඛ්‍ය සේවයට එක් කර ගැනීමෙන් සමස්ථ සෞඛ්‍ය සේවය මෙන්ම රජයේ සම්මත නිල ඇඳුම් පාටිපාටිය ද බරපතල අයුරින් උල්ලංඝනය වන බව මේ සම්බන්ධ අදහස් කරන්නෝ ප්‍රකාශ කරති.

No comments: