Thursday, March 14, 2013

දුමින්ද ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි...... මාර්තු 28 උසාවි ගේන්නත් කියයි

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් සමග ඔහු මාර්තු 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා රහස් පොලීසියට හා බන්ධනාගාරයට නියෝග කළේය.
ජනාධිපති උපදේශකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා කොළොන්නාවේදී මරා දැමීයැයි කියන සිද්ධියේ ඔහුද සැකකරුවෙකි.
රහස් පොලීසිය දුමින්ද සිල්වා සම්බන්ධයෙන් පිළිගත් පිළිවෙත අනුගමනය කර නැතැයි ද රජයේ අධිකරණ වෛද්‍ය නිලධයාගෙන් වාර්තාවක් ලබාගෙන නැතැයි ද, එය නොපිළිගත හැකි ක්‍රියාවක් යැයි ද ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී අජිත් පතිරණ මහතා කියා සිටියේය.

No comments: