Friday, March 29, 2013

"මාතලෙන් හමුවූ සමහර මිනී ඔලු වලට පරාල ඇන ගහලා" - පුබුදු ජයගොඩ


atasakiliමාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පුබුදු ජයගොඩ මහතා ..
‘‘මාතලේ විජය විද්‍යාලයේ එවකට පැවති ආණ්ඩුවේ සහාය ඇතිව වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ සමූහ මිනීවල හමු වෙලා තිබෙන්නේ ඊට ආසන්නයේ තිබී. ඒ වගේම, අධිකරණය විසින් කරන ලද පරීක්ෂණයේදී එම මළ සිරුරු 1985-1990 කාලයට අයත් බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම, හිසට පරාල ඇණ ගැසූ බවට සලකුණු, අත් පා ආයුධවලින් පහර දී වෙන් කළ බවට සලකුණු, දරුණු වධ බන්ධනයන්ට ලක් කළ බවට සලකුණු තිබෙන බව වාර්තා වී තිබෙනවා.
අද අපි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ, මෙහිදී මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවී තිබෙන බව ප‍්‍රකාශයට පත් කළ යුතුයි. ඒ වගේම මේ සිද්ධිය සම්බයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මීට වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයි. ඒ වගේම මිය ගිය අයට සාධාරණය ඉටු කළ හැක්කේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු වීමට ඉඩ නොතැබීමෙන්. ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගත යුතුයි.මේ සම්බන්ධයෙන් මාතලේ වධකාගාරයේදී ඝාතනයට ලක් වූවන්ගේ දෙමාපියන්, ඥාතීන් සමග අධිකරණය හමුවට යාමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලාපොරොත්තු වෙනවා.’’
එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් පියතිස්ස , නීතිඥ රෙක්සි පියදාස, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ අචල කුමාරසිරි සහ නීතිඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.

No comments: