Friday, March 29, 2013

එළවළු කිලෝ හතලිස් දාහක් කැළේට -----------------දඹුළු ගොවියා යළිත් කබලෙන් ලිපට...........

දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
කීයකටවත් විකුණා ගැනීමට නොහැකියව විසිකළ එළවළු අතර වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු ආදිය වෙයි. මේ හැම එළවළු වර්ගයකම මිල රුපියල් දහයට අඩු විය.
ඇතැම් ගොවීහු කිලෝ පනහේ බණ්ඩක්කා ගෝනිය රුපියල් සියයකට විකුණූහ.
කිලෝ හැටේ කැකිරි ගෝනිය ද විකුණා දැමුනේ රුපියල් සියයකට ය.
බොහෝ ගොවීනට ප්‍රවාහන ගාස්තුවත් සොයා ගත නොහැකි විය. පහතරට එළවළු විශාල වශයෙන් වැවීම නිසා මේ තත්ත්වය ඇති වූ බව ආර්ථි කලාප නිලධරයෝ කියති. කැකිරි කිලෝ දහසක් ගෙන ආ ගොවියකුට ඔහුගේ ගනුදෙනු කාර ව්‍යාපාරික අයි ජී විජේනන්ද මහතා රුපියල් තුන බැගින් ගෙවා එම කැකිරි කුණුගොඩට විසි කළේය.
දුරින් ගෙන ආ කැකිරි එසේ කැළයට විසි කළත් ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් කඩවල කැකිරි කිලෝව රුපියල් හයක් විය. යාබද කඩේ කැකිරි කිලෝව විස්සකි.

No comments: