Thursday, March 21, 2013

ජිනීවා ඡන්දය අදයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (21දා) පැවැත්වෙනු ඇත. මෙවර ඡන්ද විමසීමට රටවල් 47ක් සහභාගි වන අතර, එම රටවල් අතර අප්‍රිකානු රටවල් 13ක්, ආසියානු රටවල් 13ක්, ලතින් ඇමරිකානු හා කැරේබියානු රටවල් 8ක්, බටහිර යුරෝපීය හා වෙනත් රටවල් 7ක් හා නැඟෙනහිර යුරෝපයේ රටවල් 6ක් වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. පසුගිය 2012 මාර්තු මාසයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද 24ට 15ක් වශයෙන් සම්මත වූ අතර රටවල් 8ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

යෝජනාව ඉදිරිපත් කරමින් අමෙරිකා එක්සත් ජනපදය පැවැසුවේ පසුගිය මාර්තුවේදී තම යෝජනාවට සහාය දැක්වූ රටවල් රැසක් මෙවරත් තම යෝජනාවට සහාය දක්වනු ඇති බවයි.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මුලින්ම ඉතා ප්‍රබල යෝජනාවක් ගෙන එනු ලබන බව පැවැසුවත් පෙරේදා ඉදිරිපත් කළ යෝජනා, ඉන්දියාවේ උපදෙස් මත 'සැර බාල' කළ ඒවා යැයි බී.බී.සී. පුවත් සේවය පවසයි.

පළමු යෝජනාවේ සඳහන්ව තිබූ, 'මානව හිමිකම්, විනිශ්චයකරුවන්ගේ හා නීතිවේදීන්ගේ ස්වාධීනත්වය, භාෂණයේ නිදහස, නිදහසේ රැස්වීමේ අයිතිය වැනි ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් හට 'බාධාවකින් තොරව' ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර දිය යුතු බව, සඳහන් යෝජනාව ඔවුන්ට 'අවස්ථාව සැලැසීම' දක්වා වෙනස් වීමත්, එම විශේෂ නියෝජිතයන්ගේ ක්‍ෂේත්‍රයන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබීමත්, අවසන් කෙටුම්පතේ විශේෂය වන අතර, ලබන 2013 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් 'විශේෂ සැසිවාරයක්' පැවැත්විය යුතුයි යන්න 'සාකච්ඡාවක්' ලෙසට වෙනස් වී තිබේ.

සංශෝධිත යෝජනාවේ අධිකරණය, සංහිඳියාව, ජීවනෝපායන් යළි ආරම්භ කිරීම යන ක්‍ෂේත්‍රයන්හි තවත් බොහෝ දේ කළ යුතු බව පෙන්වා දෙන අතර, එම ක්‍රියාවලියේදී සිවිල් සමාජය හා සුළු ජාතීන් ඇතුළු සියලු ප්‍රදේශවාසී ජන කොටස්වල පූර්ණ සහභාගිත්වයේ වැදගත්කම අවධාරණය කර ඇත.

මීට අමතරව උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ නිර්දේශ, ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවට දායක විය හැකි ආකාරය, බලය බෙදා හැරීම ඇතුළු සංහිඳියාවට අත්‍යවශ්‍ය කාරණා ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව 'දිරිමත් කරන' බවට තිබූ සඳහන 'ඉල්ලා සිටිනු ලැබේ' යනුවෙන්ද සංශෝධනය වී තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ශ්‍රී ලංකාවේදී උල්ලංඝනය වූ බවට ඇති චෝදනා පිරික්සීම සම්බන්ධයෙන් 'ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක්' පැවැත්විය යුතුය යන වගන්තියෙන් 'ජාත්‍යන්තර' යන කොටස අයින්කර 'ස්වාධීන හා විශ්වසනීය පරීක්‍ෂණයක්' ලෙස එකී වගන්තිය වෙනස් කර ඇති අතර, කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් 'ස්වාධීන හා විශ්වසනීය ජාත්‍යන්තර පරීක්‍ෂණයක්' අවශ්‍ය බවට මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් කෙරෙන නිර්දේශ සැලකිල්ලට ගනු ලබන බවත්, අවසන් කෙටුම්පතේ සඳහන් වේ.

ඉන්දීය බලපෑම මත ඉදිරිපත් කර ඇති මෙම සංශෝධිත යෝජනා පිළිබඳ මත පළ කරන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පවසන්නේ අතුරුදන් වූවන් ගැන පරීක්‍ෂණ පැවැත්වීම ශ්‍රී ලංකාවටම භාර කිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට නව යෝජනාවෙන් අවමන් කර ඇති බවයි.

Target-news - ජිනීවා ඡන්දය අදයි

: Thursday, 21 March 2013 -සංජය දසනායක-mawbima                     Anura S. Liyanage Target-news

No comments: