Saturday, March 9, 2013

නිල් මහ සටනේ ජය රාජකීයන්ට

කොළඹ රාජකීය විදුහල සය වසරකට පසුව ‘නිල් මහ සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගය ජය ගැනීමට සමත් වූහ.

කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැති මේ තරගයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල කඩුලු 7කින් පරාජය කිරීමට රජකීය කී‍්‍රඩකයෝ සමත් වූහ.

මෙය දෙවිදුහල් අතර පැවැති 134 වැනි තරගය වන අතර තෙවැනි සහ අවසන් දිනය වූ අද (09) තේ විවේකයෙන් පසු තෙවැනි පන්දුවාරයේදී රාජකීය විදුහල් පිල තරගය ජය ගත්තේය.

රාජකීය විදුහල මහ ක‍්‍රිකට් තරගය ජය ලැබූ 34 වැනි වසර මෙය වන අතර රාජකීය විදුහල අවසන් වරට 2006 වසරේ නඳුන් පුංචිහේවාගේ නායකත්වයෙන් ජය ලබා තිබේ.

රාජකීය විදුහල් පිතිකරුවෝ ලකුණු 65 ක ජයග‍‍්‍රාහි ඉලක්කය පන්දුවාර 10.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

රාජකීය විදුහල් පිල ශාන්ත තොමස් විදුහල් දෙවැනි ඉනිම ලකුණු 132 කට සීමා කිරීමත් සමග ජයග‍‍්‍රහණය සදහා ලකුණු 65 ක පහසු ඉලක්කයක් ලැබිනි. මෙහි ත්‍යාග ප‍්‍රධානෝත්සවයට ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වූවාය.

රාජකීය විදුහල පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 260 ක් රැස්කර ලකුණු 68 ක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.

ලකුණු පුවරුව

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 192 සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 132 (දීලක හේරත් 25, ජාවෙඕ බොන්සෝ 19, සනේෂ් ද මෙල් නොදැවී 49, චාමික කරුණාරත්න 32/4, හේෂාන් රාමනායක 36/2)

රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 260 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 67 (රොනක අහංගම 16, මිලාන් අබේසේකර නොදැවී 22, හෙලකමල් නානායක්කාර 30/3)

No comments: