Tuesday, March 5, 2013

කාර්ගිල්ස් ‘ෆෝස්ටර්ස් ලාගර්' හදන්න යයි

ෆෝස්ටර්ස් ලාගර් නම් බීර වර්ගය ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා කාර්ගීල්ස් සමාගම ඕස්ට්‍රේලියාවේ කාල්ටන් යුනයිටඩ් බෘවරීස් සමාගම සමග ගිවිසුමකට එළැඹ ඇතැයි වාර්තා වේ.

කාර්ගීල්ස් සමාගම මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර කාල්ටන් යුනයිටඩ් බෘවරීස් සමාගම එංගලන්තය හා දකුණු අප්‍රිකාව පදනම් කරගත් SABMiller සමාගම් සමූහයට අයත් සමාගමකි.

මෙම ගිවිසුමට අනුව සිය මිලර්ස් බෘවරි ලිමිටඩ් Millers Brewery Ltd සමාගමට ෆෝස්ටර්ස් ‘FOSTERS‘ වෙළඳ නාමය යටතේ මෙරට බීර නිෂ්පාදනය කර විකිණීමේ අවසරය හිමිවන බව කාර්ගිල්ස් සමාගම පවසා තිබේ.

(විමසුම ඇසුරෙනි)

No comments: