Tuesday, March 26, 2013

අම්පාරේ හර්තාල්.....

අම්පාර දිස්‌ත්‍රික්‌ නින්දවුර්, සායින්දමරුදු, සම්මාන්තුරේ මාලිගයිකාඩු, කල්මුණේ ඉස්‌ලාමාබාත්, නට්‌පීට්‌ටිමුණේ, මරුදමුනේ යන ප්‍රදේශවල ඊයේ (25 දා) ඊයේ හර්තාල් පැවැත්විණි.

හර්තාල් හේතුවෙන් කල්මුණේ නගරයේ සහ කෙළින්වීදියේ කඩ සාප්පු, බැංකු මුළුමනින්ම වසා තිබිණි. කාර්යාල ද අඩක්‌ විවෘත වී තිබුණ අතර මහජනතාවගේ ගැවසීම අවම මට්‌ටමක විය.

නගරයේ වාහන ධාවනය අවම මට්‌ටමක පැවැති අතර වෙළෙඳපොළ ද සියල්ල වසා දමා තිබිණි.

ප්‍රථම වාර පරීක්‍ෂණ ආරම්භ වී ඇති බැවින් පෙ.ව. 11.00 පමණ වනතුරු පාසල විවෘත කර තිබිණි.
පෙළපාලි හෝ රැස්‌වීම් කිසිවක්‌ නොතිබූ අතර හමුදා හා පොලිස්‌ ආරක්‍ෂාව තර කර තිබිණි.

No comments: