Monday, March 18, 2013

'සිටි ඔෆ් මාගම් රුහුණුපුර' මත්තලට පළමුව ගොඩබසී

මත්තල  රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ප්‍රථම ගුවන් යානය අද (18) පෙරවරු 10.54ට ගොඩබැස්සවීම සිදු විය. ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් එම ගුවන් යානය ''සිටි ඔෆ් මාගම් රුහුණුපුර'' නමින් නම් කර තිබේ. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි එම මංගල ගුවන් යානයේ පළමු ගුවන් මගියා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගුවන්තොටුපළට ගොඩ බැස්සේය. මෙම යානයේ ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ කපිතාන් යූ.වී. පෙරේරා මහතා වන අතර උප ගුවන් නියමුවා ලෙස කපිතාන් මදුනී චන්ද්‍රදාස කටයුතු කළාය. තොටුපළ විවෘත කිරීම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු විය. පාසල් දරුවන් පිරිසක් ද මෙම මංගල ගුවන් ගමනට එක්වී සිටි අතර ඔවුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම මංගල ගුවන් ගමනට එක්ව සිටියහ.

No comments: