Saturday, March 9, 2013

සෞදි හාම්පුතා මගේ බිරිය සල්ලිවලට විකුණනවා


සිවු මසකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය තම බිරිය එරට ගෙහිමි කාන්තාව විසින් දෛනිකව මුදල්වලට අලෙවි කරමින් සිටින බවත් මෙම තත්ත්වය මත තම බිරිය රෝගාතුරව අනාරක්‍ෂිතව දහදුක් විඳිමින් සිටින බවත් කඩිනමින් මෙරටට බිරිය ගෙන්වා දීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් මාතලේ හඳුන්ගමුව පොත්තපිටිය පදිංචි දෙදරු පියකු වන ලාලක මිහින් බණ්ඩාර මහතා හැඬූ­ කඳුළින් පවසයි.

පී.ජී. ඉන්ද්‍රානි කුමාරි (30) වූ තම බිරිය 2012 නොවැම්බර් මස 24 වැනි දින කුරුණෑගල නගරයේ පිහිටි ව්‍යාජ රැකියා ඒජන්සියක් මඟින් ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර විදේශගත කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකින් පසු අනාවරණය වූ බවත් තම බිරිය මෙරටට ගෙන්වා දීමට රුපියල් ලක්‍ෂ හතරක මුදලක් එරට රැකියා නියෝජිත ආයතනයට ගෙවීමට සිදුව ඇති බවත්, ගොවියකු වන තමාට එවැනි මුදලක් කිසිසේත් සොයා ගැනීමට නොහැකි බවත් නැතිබැරිකම නිසා නිවෙසක් සාදා ගැනීමේ අරමුණින් බිරිය විදේශ රැකියාවකට ගිය බවත් හෙතෙම පැවැසීය.

සෞදි අරාබියේ ගිය මුල් මාසයේම තම බිරිය සේවය කළ නිවසේ හාම්පුතාගේ වැඩිමහල් පුතා ලිංගික අතවර කිරීමට උත්සාහ දරා ඇති බවද පැවසූ හෙතෙම මේ පිළිබඳ ගෙහිමි කාන්තාවට පැවැසීමෙන් පසු වෙනත් නිවෙසකට බිරිය බාරදී ඇති බවත් එම කාන්තාව විසින් තම බිරිය අලෙවි කරන බවට තමාට දුරකතනයෙන් දැනුම් දුන් බවත් කීය.

No comments: