Monday, March 18, 2013

මත්තලට ගොඩබෑමට ගොස් අනතුරට මුහුණ පෑ 'ශ්‍රී ලන්කන් එයාර්' පරීක‍ෂණ යානයේ සේයාරූ සහ අනතුරේ භයානකත්වය මෙන්න---------

(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.16, ප.ව.11.00) මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පසුගිය 14 දා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල ඉහල ගුවනේදී පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් යානයේ ඉදිරිපස ගැටීමෙන් සිදුවීමට ගිය අනතුරක් එහි ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතා විසින් බලවත් වෙහෙසක් දරා වළක්වා ගැනීමේ පුවත 'ලංකා ඊ නිව්ස්' විසින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එය අසත්‍යයක් බව පවසමින් මරාවාදී මෝඩයන් පිරිසක් කෑ කෝ ගසා ඇත.
 
ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ එම ප්‍රවෘත්තිය සමග පළව තිබූ සේයාරුව ඊට අදාල එකක් නොවන බව කියමිනි. එය සත්‍යයකි. ඒ සමග පළ කළ සේයාරුව එම ප්‍රවෘත්තියේ සේයාරුවක් යයි අප සඳහන් කර තිබුනේද නැත. එය පුස්තකාල සේයාරුවකි. එය ප්‍රවෘත්ති කලාවේදී නිබඳ සිදුකරන්නකි. එය තේරුම් ගැනීමට තරම් කියවීමේ පළපුරුද්දක් නැති අය වෙනුවෙන් එම ප්‍රවෘත්තියට අදාල සේයාරුව මේ සමග පළ කරමු. මෙහි දැක්වෙන්නේ 14 දා අනතුරට පාත්‍ර වූ ශ්‍රී ලන්කන් එයාර් ගුවන් යානය අසීරුවෙන් ගොඩ බෑමෙන් පසු වහා ඒ වෙත ගිය ගිනි නිවන රථ දෙකක් විසින් යානයට වතුර විදින අන්දමයි. (පළමු සේයාරුව)
 
ගුවන් යානා වල කුරුල්ලන් හැපීම ඉතා සරල ලෙස දක්වා සමහර මරාවාදී මෝඩයන් කරුණු කියා තිබූ හෙයින් ඒ ගැනද සත්‍ය තත්ත්වය පහත ගෙන එන්නෙමු.
 
ගුවන් යානා වල කුරුල්ලන් හැපීම මාරාන්තික අනතුරු ගෙන දෙන්නකි. එනිසාම ගුවන් යානා කුරුළු අනතුරු කමිටුවක් 2009 දී ඇමරිකාවේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබීය. කමිටුව විසින් ප්‍රකාශ කරන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේය.
 
• 1998 සිට මේ දක්වා කුරුළු අනතුර නිසා ලොව පුරා පුද්ගලයින් 219 ක් මිය ගොස් තිබේ.
 • ඇමරිකාවේ පමණක් කැලෑ සතුන් 7600 ක් ගුවන් යානා වල වැදී ඇති අතර ඉන් 5000 කට අධික සංඛ්‍යාවක්ම කුරුල්ලෝ වෙති.
 • කිලෝ 2 කට වඩා බර වැඩි කුරුල්ලෙකු ටර්බයිනයක් අස්සේ වැදුනහොත් එය ගුවන් යානයේ එන්ජිමට හානි කරනු ඇත. 
• එන්ජින් කිහිපයක් සහිත ගුවන් යානයක නම් කුරුල්ලා වැදුනු එන්ජිම අක්‍රිය වුවද අනෙක් එන්ජිමකින් හදිසි ආරක්ෂිත ගොඩ බෑමක් සිදුකළ හැක. කුරුළු රංචුවක් එක් වර වැදීම අනතුරක් සහතික කරන්නකි.
 • කුරුල්ලන් වැදීම මගීන්ට අනතුරු ගෙන දෙනවාක් මෙන්ම විශාල මූල්‍ය හානියක්ද පරිසර හානියක්ද සිදුකරයි. කුරුල්ලන් වැදීමෙන් පසු බොහෝ විට එම ෆෑන් පෙති වෙනුවට නව ෆෑන් පෙති යෙදීමට සිදුවේ. වරක් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොලකින් ගුවන් ගත කළ බෝයිං 747 යානයක කුරුල්ලෙකු වැදීම නිසා හදිසි ආරක්ෂිත ගොඩ බෑමක් වෙනුවෙන් යානයේ තිබූ ඉන්ධන ටොන් 83 ක් පැසිපික් සාගරයට හෙලීමට ගුවන් නියමුවාට සිදුවිය.
 • 2009 ජනවාරි 15 දා ඩග්ලස් ජාත්‍යන්තර ගුවන් තොටින් ගුවන් ගත කළ යූඑස් එයාර් වේස් සමාගමට අයත් 1549 දරණ යානයේ පාත්තයෙක් හැපීම නිසා අනතුරට පත් යානය මගීන් සමග හඩ්සන් ගඟට ගොඩ බෑමට සිදුවිය. වාසනාවට මගීන් සියල්ලෝම සහ සේවකයන් සියළු දෙනා බේරා ගැනීමට හැකි විය.
 මේ අනතුරු අවම කරලීමට කුරුළු අනතුරු කමිටුව යෝජනා කරන්නේ 
• වන ජීවීන්ගේ පාරාදීස වල ගුවන් පථ ඉදි නොකරන ලෙසත් 
• කුරුළු අනතුරු හඳුනා ගත හැකි නවතම රේඩාර් පද්ධති සවිකරන ලෙසත් 
• ගුවන් නියමුවන්ට ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදෙන ලෙසත්
 • එවැනි අනතුරු දායක ගුවන් තොටුපොලවල් හැකිතරම් මග හැර මගීන් තම ගමන් බිමන් යා යුතු බවත් ය.
 
ලංකාව නිතරම භාවිතා කරන්නේ ලෝකයේ නවීනතම ගුවන් යානා නොවීමද සැලකිල්ලට ගත යුතුය.
 
ගුවන් යානයක කුරුල්ලෙකු හැපීම නිසා නියමු කුටියේ වීදුරුව පුපුරා ගොස් ඇති අන්දම (දෙවන සේයාරුව)
 කුරුලූ අනතුරු හඳුනා ගැනීමේ නවතම රේඩාර් උපකරණයක් (තෙවන සේයාරුව)
 ගුවන් යානයක් ගුවන් ගත කරද්දී කුරුළු අනතුරකට මුහුණ දෙන අවස්ථාවක වීඩියෝ පටයක්. පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය.
 http://www.youtube.com/watch?feature=player_embedded&v=9KhZwsYtNDE#!

ලංකා ඊ නිව්ස්

  මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පසුගිය 14 දා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල ඉහල ගුවනේදී පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් යානයේ ඉදිරිපස ගැටීමෙන් සිදුවීමට ගිය අනතුරක් එහි ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතා විසින් බලවත් වෙහෙසක් දරා වළක්වා ගැනීමේ පුවත 'ලංකා ඊ නිව්ස්' විසින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එය අසත්‍යයක් බව පවසමින් මරාවාදී මෝඩයන් පිරිසක් කෑ කෝ ගසා ඇත.

ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ එම ප්‍රවෘත්තිය සමග පළව තිබූ සේයාරුව ඊට අදාල එකක් නොවන බව කියමිනි. එය සත්‍යයකි. ඒ සමග පළ කළ සේයාරුව එම ප්‍රවෘත්තියේ සේයාරුවක් යයි අප සඳහන් කර තිබුනේද නැත. එය පුස්තකාල සේයාරුවකි. එය ප්‍රවෘත්ති කලාවේදී නිබඳ සිදුකරන්නකි. එය තේරුම් ගැනීමට තරම් කියවීමේ පළපුරුද්දක් නැති අය වෙනුවෙන් එම ප්‍රවෘත්තියට අදාල සේයාරුව මේ සමග පළ කරමු. මෙහි දැක්වෙන්නේ 14 දා අනතුරට පාත්‍ර වූ ශ්‍රී ලන්කන් එයාර් ගුවන් යානය අසීරුවෙන් ගොඩ බෑමෙන් පසු වහා ඒ වෙත ගිය ගිනි නිවන රථ දෙකක් විසින් යානයට වතුර විදින අන්දමයි. (පළමු සේයාරුව)

ගුවන් යානා වල කුරුල්ලන් හැපීම ඉතා සරල ලෙස දක්වා සමහර මරාවාදී මෝඩයන් කරුණු කියා තිබූ හෙයින් ඒ ගැනද සත්‍ය තත්ත්වය පහත ගෙන එන්නෙමු.

ගුවන් යානා වල කුරුල්ලන් හැපීම මාරාන්තික අනතුරු ගෙන දෙන්නකි. එනිසාම ගුවන් යානා කුරුළු අනතුරු කමිටුවක් 2009 දී ඇමරිකාවේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබීය. කමිටුව විසින් ප්‍රකාශ කරන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේය.

• 1998 සිට මේ දක්වා කුරුළු අනතුර නිසා ලොව පුරා පුද්ගලයින් 219 ක් මිය ගොස් තිබේ.
• ඇමරිකාවේ පමණක් කැලෑ සතුන් 7600 ක් ගුවන් යානා වල වැදී ඇති අතර ඉන් 5000 කට අධික සංඛ්‍යාවක්ම කුරුල්ලෝ වෙති.
• කිලෝ 2 කට වඩා බර වැඩි කුරුල්ලෙකු ටර්බයිනයක් අස්සේ වැදුනහොත් එය ගුවන් යානයේ එන්ජිමට හානි කරනු ඇත.
• එන්ජින් කිහිපයක් සහිත ගුවන් යානයක නම් කුරුල්ලා වැදුනු එන්ජිම අක්‍රිය වුවද අනෙක් එන්ජිමකින් හදිසි ආරක්ෂිත ගොඩ බෑමක් සිදුකළ හැක. කුරුළු රංචුවක් එක් වර වැදීම අනතුරක් සහතික කරන්නකි.
• කුරුල්ලන් වැදීම මගීන්ට අනතුරු ගෙන දෙනවාක් මෙන්ම විශාල මූල්‍ය හානියක්ද පරිසර හානියක්ද සිදුකරයි. කුරුල්ලන් වැදීමෙන් පසු බොහෝ විට එම ෆෑන් පෙති වෙනුවට නව ෆෑන් පෙති යෙදීමට සිදුවේ. වරක් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොලකින් ගුවන් ගත කළ බෝයිං 747 යානයක කුරුල්ලෙකු වැදීම නිසා හදිසි ආරක්ෂිත ගොඩ බෑමක් වෙනුවෙන් යානයේ තිබූ ඉන්ධන ටොන් 83 ක් පැසිපික් සාගරයට හෙලීමට ගුවන් නියමුවාට සිදුවිය.
• 2009 ජනවාරි 15 දා ඩග්ලස් ජාත්‍යන්තර ගුවන් තොටින් ගුවන් ගත කළ යූඑස් එයාර් වේස් සමාගමට අයත් 1549 දරණ යානයේ පාත්තයෙක් හැපීම නිසා අනතුරට පත් යානය මගීන් සමග හඩ්සන් ගඟට ගොඩ බෑමට සිදුවිය. වාසනාවට මගීන් සියල්ලෝම සහ සේවකයන් සියළු දෙනා බේරා ගැනීමට හැකි විය.
මේ අනතුරු අවම කරලීමට කුරුළු අනතුරු කමිටුව යෝජනා කරන්නේ
• වන ජීවීන්ගේ පාරාදීස වල ගුවන් පථ ඉදි නොකරන ලෙසත්
• කුරුළු අනතුරු හඳුනා ගත හැකි නවතම රේඩාර් පද්ධති සවිකරන ලෙසත්
• ගුවන් නියමුවන්ට ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදෙන ලෙසත්
• එවැනි අනතුරු දායක ගුවන් තොටුපොලවල් හැකිතරම් මග හැර මගීන් තම ගමන් බිමන් යා යුතු බවත් ය.

ලංකාව නිතරම භාවිතා කරන්නේ ලෝකයේ නවීනතම ගුවන් යානා නොවීමද සැලකිල්ලට ගත යුතුය.

ගුවන් යානයක කුරුල්ලෙකු හැපීම නිසා නියමු කුටියේ වීදුරුව පුපුරා ගොස් ඇති අන්දම (දෙවන සේයාරුව)
කුරුලූ අනතුරු හඳුනා ගැනීමේ නවතම රේඩාර් උපකරණයක් (තෙවන සේයාරුව)
ගුවන් යානයක් ගුවන් ගත කරද්දී කුරුළු අනතුරකට මුහුණ දෙන අවස්ථාවක වීඩියෝ පටයක්. පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය.
http://www.youtube.com/watch?feature=player_embedded&v=9KhZwsYtNDE

No comments: