Wednesday, March 27, 2013

“චෙන්නායි විරෝධය කණගාටුදායකයි“ - මුරලි



'IPL යන්න එපා' - අර්ජුන රණතුංග

ශ්‍රිලංකාවට මිතුරන් ලෙස සලකන්න එපා- ජයලලිතා රජයට කියයි

මුදලට වඩා ගෞරවය ගැන සිතා IPL තරග සියල්ලම වර්ජනය කරන්නැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ඉල්ලයි.
රටේ එක් ප්‍රාන්තයක් පිළිගැනීමට අකමැතිනම් අනෙක් ප්‍රාන්ත වල පමණක් ක්‍රිඩා කිරිම මුදලට යට වීමක් බව අර්ජුන රණතුංග මහතාගේ අදහසයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නාහි පැවැත්වෙන තරග වලට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉඩ ලබා නොදිම සම්බන්ධයෙන් Indian Express පුවත්පත වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේ බව පලකර සිටියි.

ඉන්දීය ප්‍රිමිය ලීග් තරග සදහා තමිල්නාඩුවේ විරෝධය පල වීමත් සමග එම ප්‍රාන්තයට අයත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන නුවන් කුලසේකර සහ අකිල ධනංජය කණ්ඩායමෙන් ඉවත් කිරිමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.




ලංකාවේ දෙමළ වැසියන්ට අසාධාරණයක් නැහැ - Muttiah Muralitharan

අයි.පී.එල් චෙන්නායි තරගවලින් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් ඉවත් කිරීම ක‍්‍රිඩාවේ නාමයෙන් කණගාටුවට කරුණක් බව ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවු විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් පවසනවා.

එන්.ඞී.ටී.වී ප‍්‍රවෘත්ති සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ අවසර ලැබෙන්නේ නම් චෙන්නායි හී ක‍්‍රිඩා කිරීම තමන්ට ගැටළුවක් නොවන බවයි. ඉන්දියාවේ සෙසු ප‍්‍රදේශවල පැවැත්වෙන අයි.පී.එල් තරග සඳහා සහභාගි විමට අවහිරයක් නොමැති බවද ඉහල කැමැත්තකින් එම තරගවලට සහභාගි වන බව ද මුත්තයියා මුරලිදරන් කියා සිටියා.තමිල්නාඩුවේ උග‍්‍රවන ශ‍්‍රී ලංකා විරෝධය සාධාරණ එකක් දැයි මෙම සංවාදය මෙහෙයවු මාධ්‍යවේදියා මුරලිදරන්ගෙන් ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් මුරලිදරන් කියා සිටියේ උද්ඝෝෂකයින් පෙන්වා දෙන ආකාරයේ අසාධාරණයක් ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට සිදු නොවන බවයි. ශ්‍රිලංකාව මිතුරු රටක් ලෙස සැලකීමේ ප්‍රතිපත්තියෙන් ඉන්දීය මධ්‍යම රජය බැහැරවිය යුතු බව තමිල්නාඩුව අවධාරණය කරයි.
අද තමිල්නාඩු රාජ්‍ය සභාව රැස්වී ඉන්දීය මධ්‍යම රජයට භාරදීම සදහා ශ්‍රිලංකාවට එරෙහිව වන යෝජනාවලියක්ද සම්මත කරගෙන තිබේ.මෙම අවස්ථාවෙදී රාජ්‍ය සභාව ඇමතූ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් අවධාරණය කර ඇත්තේ ශ්‍රිලංකාව මිතුරකු සේ සැලකීමේ කාලය අවසන්ව ඇති බවයි.
----------------------------------------------
ශ්‍රිලංකාවට මිතුරන් ලෙස සලකන්න එපා- ජයලලිතා රජයට කියයි

ශ්‍රිලංකාවේ දමිල ජනයාට වෙනම රාජ්‍යයක් සථාපිත කර දීමට ඉන්දීය රජය වහා මැදිහත් විය යුතු බව මෙම යෝජනාවලියේ සදහන් වන බව වාර්තා වෙයි.තවද ශ්‍රිලංකාවේ යුධ අපරාධ වලට එරෙහිව පිලිගත හැකි අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට බලකිරීම සදහා ජාත්‍යන්තරය පෙලඹවීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කල යුතු බව ද මෙම යෝජනාව මගින් ඉල්ලා තිබේ.තවද ශ්‍රිලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටද ඉන්දීය රජය කටයුතු කල යුතු බව මෙම යෝජනාවලියේ සදහන් වෙයි.

ශ්‍රිලංකාවට එරෙහිව තමිල්නාඩුව පුරා විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉදිරි IPL ක්‍රිකට් තරග සදහා ශ්‍රිලංකා ක්‍රීඩකයන් තමිල්නාඩුවට නොඑවන ලෙස ජයලලිතා මීට පෙර ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී තිබේ.මෙම තරගාවලියේ තරග 10ක් පමණ චෙන්නායි හිදි පැවැත්වීමට නියමිත අතර IPL තරග සංවිධායකයින් සහ කණ්ඩායම් හිමිකරුවන් අන්තර්ජාලය ඔස්සේ කළ සාකච්ඡාවලින් පසු ශ්‍රිලාකික ක්‍රිඩකයින්,විනිසුරුවන්,සහ නිලධාරීන් චෙන්නායි හි පැවැත්වෙන IPL තරග සදහා සහභාගි කර නොගැනීමට තීරණය කෙරීණ

No comments: