Friday, March 29, 2013

Pawasa News අඩවියෙන් ආදරණීය කිතු බැතිමතුන්ට ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයකට සුභපැතුම්

MAHASIKU
කිතුනු බැතිමතුන්ගේ දින දර්ශනයේ වඩාත්ම වැදගත් උත්සවය වන පාස්කුව අද (29) ලොව පුරා සැමරේ.
ජේසු ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමෙන් මරණයට පත්වී තෙදිනකට පසු මළවුන්ගේ නැගිටීමේ දිනය සමරන පාස්කු මංගල්‍යය, මරණය පරාජය කොට මනුෂ්‍ය වර්ගයාට නව්‍යවීමේ, උද්යෝගයේ සහ බලාපොරොත්තුවේ සැබෑ අර්ථය අවබෝධ කර ගැනීම සංකේතවත් කෙරේ.
පාස්කු මංගල්‍යයේ නව්‍යවීමේ හැඟීම දයාව හා අවබෝධය යන ජේසු ක්‍රිස්තූන්ගේ ඉගැන්වීම් ලොවට රැගෙන යාමට මහෝපකාරී වේ. එය වර්තමානයේදී පරිසරය සුරැකීමේ ශක්තිමත් පණිවුඩය සමඟින් සොබාදහමේ සියලු දෙනා වෙත ළඟා වේ.
ලොව බොහෝ ප්‍රදේශවල ජනතාව හා ජාතීන් අතර ගැටුම් පවත්නා තත්ත්වයක් තුළ පාස්කුවේ දී සිහිපත් කෙරෙන ක්‍රිස්තියානි ඉගැන්වීම් වන දයාව හා ක්ෂමාව, ගැටුම් මැඩ පැවැත්වීමට උපයෝගී කර ගත හැකි ශිෂ්ට අගයයන්ට ගරු කිරීමේ හා ඉවසීම ළඟා කර ගැනීමට බොහෝ සේ දායක කර ගත හැක. අප රට තුළ ද එකමුතු ජාතියක් ලෙස අපට අවශ්‍ය සංහිඳියාව ළඟා කර ගැනීමට මෙම ඉවසීම පිළිබඳ කිතුනු හරය බොහෝ සේ උපයෝගී වනු ඇත.
Pawasa News වෙබ් අඩවිය අපේ ආදරණීය කිතු බැතිමතුන්ට ප්‍රීතිමත් හා සාමකාමී පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.

No comments: