2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා
ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද
සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින්
දිවයිනට පැමිණියේය.
ඔහු රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන
හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට පැමිණ ඇති බවත්, ඔහු එම
වාහන වලට ගොඩවී ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට්
එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ
ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක
කල් ගත කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා
මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතන සිද්ධිය
සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගැනීමට එම රෝහල වෙත ගොස් ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්,
පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය
කොළඹ මහේස්ත්‍රාත් උසාවියට දැන්වීය.
රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද
සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ නවලෝක රෝහලට පැමිණියේය.
ඔහු බරපතල සැත්කමකට භාජනය කර ඇති හෙයින් රෝහලෙන්
පිටවී යෑම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඊට හේතුව විෂභීජ
ඇතුළුවීමට ඉඩ ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනුජ ප්‍රේමරත්න
මහතා උසාවියට දැන්වීය.
2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා
ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද
සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින්
දිවයිනට පැමිණියේය.
ඔහු රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට පැමිණ ඇති බවත්, ඔහු එම වාහන වලට ගොඩවී ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
ඔහු රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට පැමිණ ඇති බවත්, ඔහු එම වාහන වලට ගොඩවී ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
No comments:
Post a Comment