Friday, March 29, 2013

ලංකාවේ "ලව්" කරලා බඳින අය % 58ක් දික්කසාද වෙනව ලු


divorce-1කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් විවාහකයන්ගේ පවුල් ජීවිතය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධතා මත විවාහ වන අයගෙන් සියයට 58ක් දික්කසාද වන බවයි.
මවුපිය කැමැත්ත හා ආශිර්වාද මත විවාහ වන අයගෙන් දික්කසාද වන්නේ සියයට 42ක් පමණක් බව ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
මෙලෙස දික්කසාද වන අයගෙන් සියයට 45ක් වෙන්වීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ තම සැමියාගේ හෝ බිරියගේ අදහස් නො ගැළපීමයි. කාන්තාවන් සියයට 27ක් දික්කසාද වී ඇත්තේ තම සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව පවසමිනි.
අනියම් සබඳතා ඇතැයි පවසමින් සියයට 15ක් දික්කසාද වී ඇතැයි පවසන මහාචාර්යවරිය නැන්දා – ලේලි ගැටුම්වලින් සියයට 9ක් දික්කසාද වී ඇති බව ද පැවැසුවා ය.
ඥාතීන්ගෙන් ඇතිවන ගැටලූ, ආර්ථික ප‍්‍රශ්න ආදී හේතු නිසා දික්කසාද වී ඇත්තේ සියයට 6ක් තරම් සුළු ප‍්‍රතිශතයක් බව ද  ඕ කීවා ය.
පවුල් ආරවුල් ඇතිවීම හා දික්කසාද සිදුවීම කෙරෙහි ආර්ථික ගැටලූ ප‍්‍රධාන හේතුවක් බවට සමාජ මතයක් පැවැතියත් මෙම සමීක්ෂණයෙන් එම මතය අසත්‍යයක් බව තහවුරු වූ බව ද මහාචාර්යවරිය පැවැසුවා ය.

No comments: