Tuesday, March 19, 2013

භික්ෂූන්ට පහර දීමට එරෙහිව .....තමිල්නාඩු පහරදීම් නවත්වනු සිංහල රාවය ඉන්දියාවට කියයි...

 දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායිහි නගර කිහිපයකදී සිදුවූ පහරදීම් හා හිංසාවලට විරෝධය දක්වමින් සිංහල රාවයේ භික්ෂූන් පිරිසක් කොළඹ ගාලු මුවදොර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධයක් පවත්වනු ලැබීය.
 එසේම ඔවුන් ඉන්දීය මහ කොමසාරිසවරයා වෙත සංදේශයක්ද භාරදී තිබේ. අදාල සංදේශය භාර ගැනීම ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිිස් පී. කුමාරන් මහතා විසින් සිදුකර ඇත. එහිදී සිංහල රාවය සංවිධානය විසින් ලාංකික භික්ෂූන්ට තමිල්නාඩුවේදී සිදුවූ පහරදීම් වහාම සොයා බලන ලෙසත්, ඒවාට ඉන්දීය මධ්‍යම රජය වගකිවයුතු බවටත් චෝදනා කර තිබේ. එහිදී පෙරළා පිළිතුරුදුන් කුමාරන් මහතා පවසා ඇත්තේ තම රජය මේවන විටද ඊට අවශ්‍ය පිවර ගෙන ඇති බවයි.  
එසේම තම රජය තුළ කිසිවෙකු හිංසනයට, වදබන්ධනයට පත්වීම තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවද ඔහු පවසා තිබේ. එම විරොධය නිසා ගාලු පාරේ එක් මංතීරුවක් ඇහිරී ගිය බවද පැවසේ. විරෝධය පළ කරන පිරිස් අත තිබූ බැනර් හා පෝස්ටර්වල බුදුන් උපන් රටේ දී බෞද්ධයනට මෙසේ හිරිහැර කිරීම නතර කිරීමට ඉන්දියා රජය වහා පියවර ගත යුතු බව දැක්වෙන බැනරද තිබු බව අප වාර්තාකරු පැවසීය.

No comments: