Tuesday, March 5, 2013

ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 15,000ක්

ශ්‍රී ලංකාවාසීන් පහළොස්දහසක් පිළිකා රෝගීන් ලෙස දිනකට අලුතින් ලැයිස්තුගත වන බව, මහරගම ජාතික පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අනාවරණය කරයි. ශ්‍රී ලංකාව තුළ වාර්තාවන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස මෙසේ ඉහළ යමින් පවතින අතර, පසුගිය වසර තුළදී පමණක් පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ 25%ක වර්ධනයක් පෙන්නුම් කරන බව, වෛද්‍ය වසන්ත දිසානායක මහතා 'මව්බිම'ට පැවැසීය. මේ තත්ත්වය වසරක් පාසා වර්ධනය වෙමින් පවතින බවත් පිළිකා රෝගය සඳහා දිනකට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට රෝගීන් 600ක් පමණ පැමිණෙන බවත් කීය.

මහරගම ජාතික රෝහලේ පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව දහසක් පමණ වන බව වෛද්‍ය දිසානායක මහතා පවසයි. පිළිකා රෝගියකුට ප්‍රතිකාර ලබාදීම සඳහා රජය විසින් රුපියල් ලක්‍ෂ 10කට අධික මුදලක් වැය කරන බවත් ඔහු සඳහන් කෙළේය. වසරක් පාසා මෙලෙස පිළිකා රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව ලෙස පරිසර දූෂණය, අප ගන්නා ආහාර රටාවේ දුර්වලතා සහ වැරැදි ලිංගික ක්‍රියාකාරකම් බලපාන බව හෙතෙම කීය.

වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 20% ක්ම පියයුරු පිළිකාවලට ගොදුරුවූවන් වන අතර 99% ක්ම පියයුරු පිළිකා වැලඳෙන්නේ කාන්තාවන්ට බවත් පිරිමින් අතරින් 01% කට පියයුරු පිළිකා වැලැඳීමට ඉඩ ඇති බවත් වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුළ මුඛ පිළිකා වැලඳීමේ තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද පියයුරු පිළිකා වැලඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව, හෙතෙම අවධාරණය කෙළේය.

Target-news ~ ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 15,000ක්

2013-03-05 ~සඳුනි දේශප්‍රිය ~Anura S. Liyanage Target-news

No comments: