Wednesday, March 27, 2013

සෞදියේ ස්කයිප් තහනමින් ශ‍්‍රී ලාංකිකයින්ට කනේ පාරක්


skyopස්කයිප්
, වයිබර් සහ වට්ස් ඇප් වැනි සන්නිවේදන මෘදුකාංග තහනම් කිරීමට සෞදි අරාබියේ සුදානම් වීම හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයින්ට දැඩි අපහසුතා සිදුවනු ඇතැයි පැවසේ. ජාතික ආරක්‍ෂාව සහ සදාචාරය තර්ජනයට ලක්වන බව පවසා මේ තීරණය එරට ගන්නට යනබව පැවසේ. සෞදි අරාබියේ සිටින ශ‍්‍රී ලාංකිකයින් බහුතරයක් මෙරට සිටින ඥාතීන් සමඟ තොරතුරු හුවමාරු කර ගන්නේ එම මෘදුකාංග හරහාය.දුරකථන ඇමතුමක් ලබාදීමට වඩා ඊට වැය වන මුදල  ඉතා අඩුවීම ඊට හේතුවක් වේ.

ශ‍්‍රී ලංකාවේ සිට සෞදි අරාබියට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා විනාඩියකට රුපියල් 15කට වැඩි මුදලක් වැය වන අතර සෞදි අරාබියේ සිට ශ‍්‍රී ලංකාවට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා විනාඩියකට රුපියල්  30 - 50ත් අතර මුදලක් වැය වන බව පැවසේ. 

No comments: