Friday, March 1, 2013

කන්තලේ අග්‍රබෝධි ගුරුවරියට විදුහල්පති පහරදීලා (2)ගුරුවරයාගෙන් පහර කෑ 8 හැවිරිදි සිසුවා රෝහලේ



කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ ගුරුවරියක වන කේ. එම්. එන්. ආර්. චන්දිමා ජයවර්ධන මහත්මියට 28 වැනිදා) උදේ විදුහල්පති කාර්යාලය තුළදී විදුහල්පතිවරයා විසින් පහරදීම නිසා මේ වන විට එම ගුරුවරිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

නිවාඩු වාර්තාවල පිටපත් ලබා ගැනීම සඳහා විදුහල්පති කාර්යාලයට ගිය අවස්‌ථාවේදී විදුහල්පතිවරයා තමාට පරුෂ වචනයෙන් බැනවැදී බෙල්ලට පහර දුන් බව ගුරුවරිය පැවැසුවාය.

පසුව ඇය කෑගසමින් ගුරු කාමරය වෙත ගොස්‌ සිද්ධිය පිළිබඳව සිය සැමියට දැන්වීමෙන් පසුව රෝහල්ගත වූ බව ඇය "දිවයින"ට කීවාය.

මේ පිළිබඳව කන්තලේ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිමල් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

(2)------------ගුරුවරයාගෙන් පහර කෑ 8 හැවිරිදි සිසුවා රෝහලේ

නාවලපිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක 4 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි සිසුවකුට එම පාසලේ ගණිත ගුරුවරයා අමානුෂික ලෙස පහරදීම නිසා දරුවා නාවලපිටිය රෝහලට යොමුකර ඇති අතර පොලිසිය මගින් මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් දරුවාගේ මව වන නාවලපිටිය සෙම්රොක්‌ ජනපදයේ පදිංචි පී. ජී. රම්‍යා කුමාරි මහත්මිය විසින් ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට හා නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර ජනාධිපතිවරයා හා අධ්‍යාපන ඇමැතිවරයා වෙත ද පැමිණිලි කළ බව ඇය පැවසුවාය. සිසුවාගේ ගණිත ප්‍රස්‌තාරය වැරදුණු බව පවසා මීටර් කෝදුවකින් උරහිස හා පිට ප්‍රදේශයට පහරදී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

දරුවා පාසල නිමවී නිවසට පැමිණි පසු ඔහුගේ ඇඟපත සේදීම මව විසින් සිදු කරන අතර මෙදින එම කාර්යයට මවට ඉඩ නොදී දරුවා තනිව කර ගැනීමට යැම නිසා දරුවා යම් වේදනාවකින් පෙළෙන බව මව දැක තිබේ. ඇය මේ ගැන සොයා බැලීමේදී පහරදී තිබෙන අයුරු දැක ඒ පිළිබඳව අදාළ අංශවලට පැමිණිලිකොට දරුවා රෝහල්ගත කර තිබෙන බව පවසයි.

දරුවාගේ වෛද්‍ය වාර්තාව ලැබී අධිකරණයට ඉදිරිපත් කරන තුරු අත්අඩංගුවට ගත් ගුරුවරයා පොලිස්‌ ඇප මත මුදාහැර ඇති අතර නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‌ෂණ අරඹා තිබේ.

ගම්පොළ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී පෙරේරා, නාවලපිටිය වැ.බ. පොලිස්‌ ස්‌ථානාධිපති එච්. එම්. බී. හේරත් යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීහු පරීක්‌ෂණ සිදු කරති.

No comments: