Thursday, March 21, 2013

ජීනිවා යෝජනාවලියට එරෙහිව යාපනයේ ජනතාව වීදි බැස සිටි අයුරු..... ජිනීවා යෝජනාවට එරෙහිව යාපනයේ පාගමනක්‌

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්කොට ඇති යෝජනාවට විරුද්ධව යාපනය ද්‍රවිඩ තරුණ තරුණියෝ ඊයේ (20) විරෝධතා පාගමනක නිරත වූහ. මේ සඳහා හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු වන වේලායුදම් දයානිදි හෙවත් දයා මාස්‌ටර් ද සහභාගි විය.

ඔවුන් කියා සිටියේ වසර 30 කට ආසන්න කාලයක්‌ තමන් අපමණ දුක්‌ විඳි බවත් අද ශ්‍රී ලංකාවේ පවතින සාමය නිසා තමන් සාමකාමීව හා සහෝදරත්වයෙන් ජීවත් වන බවත් ය. මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ නොකරන ලෙස ඔවුහු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියහ. මෙම අවස්‌ථාවට යාපනයේ තරුණ තරුණියන් දස දහසකට ආසන්න පිරිසක්‌ සහභාගි වූහ.

පා ගමනින් පැමිණි පිරිස උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාට සංදේශයක්‌ ද භාර දුන්හ.

No comments: