Tuesday, March 5, 2013

තිලාන් සමුගැනීමේ ලිපිය භාරදෙයි

ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

හෙතෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයට මේ බව ලිඛිතව දැනුම් දී ඇති බව එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.

පසුගිය දෙසැම්බර් මස පැවති ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව ක්‍රිකට් තුළින් සමුගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට හෙතෙම මීට පෙර පවසා තිබිණි.

36 හැවිරිදි වියේ පසුවන තිලාන් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 81 කට සහභාගි වී තිබේ.

එහි දී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5462 කි.

එක්දින තරග 53 කට සහභාගි වූ තිලාන් එහිදී ලකුණු 862 ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
තිලාන් සමුගැනීමේ ලිපිය භාරදෙයි
March 5, 2013  03:19 pm

No comments: